දේශීය පුවත්

රාජගිරිය ප‍්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී බුද්ධ ප‍්‍රතිමා වහන්සේ 12 ක් තිබී හමුවී ඇතැයි පොලිසිය කියයි.

එම ඇළ මාර්ගය ප‍්‍රතිසංස්කරණය කිරීමේ කටයුතුවල නිරතව සිටි සේවකයන් පිරිසකට මෙම බුද්ධ ප‍්‍රතිමා වහන්සේ හමුවී ඇති අතර පසුව ඔවුන් මේ ගැන පොලිසියට කරන ලද දැනුම් දීමකට අනුව පොලිසිය මේ සම්බන්ධව විමර්ශන අරඹා ඇත.

රාජගිරිය ලේක් ඩ‍්‍රයිව් හා හීන් ඇළෙහි තිබී මුලින්ම බුද්ධ ප‍්‍රතිමා වහන්සේ 8 ක් සොයාගත් අතර පසුව තවත් බුද්ධ ප‍්‍රතිමා වහන්සේ 4 ක් සොයා ගනු ලැබීය.

මෙම ඇළෙහි තවත් බුද්ධ ප‍්‍රතිමා වහන්සේ ඇත්ද යන්න පිළිබඳව සෙවීමට මෙහෙයුමක් ක‍්‍රියාත්මක කර ඇතැයි පවසන නාරාහේන්පිට පොලිසිය කිසියම් අන්තවාදීන් පිරිසක් මෙම ක‍්‍රියාව සිදුකරන්නට ඇතැයි සැක පළ කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More