දේශීය පුවත්

එක් එක් පුද්ගලයාට අවශ්‍ය ලෙස ආණ්ඩුවේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නම් මේ ආණ්ඩුවට විරුද්ධව මුලින්ම එලියට බහින පුද්ගලයා තමන් බවත් ආණ්ඩුවට විරුද්ධව මුලින්ම කැරලි ගහන්නේ තවත් බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කර තිබේ.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ දිනපතා පුවත්පතක මාධ්‍යවේදියෙකු හා සාකච්ඡාවකට එක්වෙමිනි.

සිගරට් සඳහා අධික බදු පැනවීමක් කර සිගරට් භාවිතය අධෛර්යමත් කර තිබියදී ඇමති මංගල සමරවිර විසින් විදේශයන්ගෙන් සිගරට් ගෙන්වීම සඳහා අවසර ලබාදීම සම්බන්ධයෙන් කළ විමසීමට පිළිතුරු ලෙස ඇමැතිවරයා මේ බව සඳහන් කර තිබේ.

ආණ්ඩුව ප්‍රතිපත්ති එක් එක් පුද්ගලයාට අවශ්‍ය ලෙස වෙනස් කිරීමට නොහැකි බවත් එසේ කළහොත් තමන් මෙම ආණ්ඩුවෙන් එළියට බැස කැරලි ගැසීමට සූදානම් බවද ඇමකි රාජිත එහිදී සදහන් කර ඇත.

චීන කම්කරුවන් විශාල ප්‍රමාණයක් මෙරට වැඩ කරන බවත් ඔවුන් මෙරට දුම්වැටි පාවිච්චියට කැමති නැති නිසා චීනයෙන් දුම්වැටි ගෙන ඒම සඳහා අවසර ලබාදෙන බව මුදල් ඇමැතිවරයා මෑතක දී කරන ලද ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස සෞඛ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කර තිබේ.

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට විරුද්ධව මේ දිනවල රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් රට පුරා විරෝධතා ව්‍යාපාරය දියත් කරමින් සිටි.

ඔවුන්ගේ චෝදනාව වන්නේ සෞඛ්‍ය ඇමතිගේ මැදිහත් වීමෙන් බාල ඖෂධ ගෙනවිත් මෙරට රෝගී ජීවිත බරපතල ලෙස අවධානමේ හෙලා ඇති බවයි.

ඔහු සෞඛ්‍ය ඇමති ධූරයෙන් ඉවත් කර අත්අඩංගුවට ගන්නා ලෙසද ඔවුන් ඉල්ලා සිටිති.

මේ අතර ඇමති රාජිත සේනාරත්න මහතාට ගම්පහ පන්සල් වලට ඇතුළු වීම තහනම් කරමින් ශාසනාරක්‍ෂක බල මණ්ඩලය විසින් සංඝ ආඥාවක්ද පනවා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More