දේශීය පුවත්

වඳ සැත්කම් කළැයි චෝදනා ලැබ සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී ෂාෆි ෂියාබ්දීන් මහතාට එරෙහිව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව අද (17) 1,000 ඉක්මවා ගිය බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය සඳහන් කළේය.

ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව අද වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලට පමණක් ලැබී තිබූ සමස්ථ පැමිණිලි සංඛ්‍යාව 839 කි. අද දිනයේ පමණක් පැමිණිලි 12 ක් ලැබී තිබුණු බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය සඳහන් කළේය.

අද දිනය වනවිට දඹුල්ල දිසා රෝහලට සහ දඹුල්ල පොලීසිය වෙත ලැබී තිබූ පැමිණිලි සංඛ්‍යාව 164 ක් විය. මේ අනුව අද දිනය වනවිට වෛද්‍යවරයාට එරෙහිව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1003 කි.

බෞද්ධ කාන්තාවන් වඳසැත්කම්වලට ලක් කිරීමේ චෝදනාව අනුව පසුගිය මැයි මස 26 වන දින සිට අද (17) දක්වා අඛණ්ඩව දින 23 ක් එම වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කම්වලට සහ වෙනත් කාන්තා රෝග සඳහා සැත්කම්වලට ලක්කළ බවට සැකකෙරෙන කාන්තාවෝ මෙසේ තම පැමිණිලි ඉදිරිපත් කළහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More