දේශීය පුවත්

යාපනය, මනියම්තෝට්ටම් ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ කිතුණු දෙව් මැදුරක සුරුවමක් අද (17) අලුයම කිසියම් පිරිසක් විසින් කඩා දමා පළා ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි.

මණයම්තොට්ටම් මන්සන්ධියේ අදාළ කිතුණු දේව ප්‍රතිමාව ඉදිකොට තිබූ අතර අද අලුයම එම ස්ථානයෙන් ගමන්ගත් ධීවරයින් පිරිසක් විසින් අදාළ ප්‍රතිමාව කඩා විනාශ කර ඇති අයුරු දැක ඒ බව පොලීසියට දැනුම් දී ඇත.

අරියාලෙයි, මනියම්තෝට්ටම් ප්‍රදේශයේ මාර්ගයේ ගමන් ගන්නා කිතුණු භක්තිකයින්ගේ පූජා කටයුතු වෙනුවෙන් ඉදිකොට තිබූ කිතුණු මාතා සුරුවමක් සහිත දෙව් මැදුරේ කණ්ණාඩිය කඩා ප්‍රතිමාව ඉවතට ගෙන විනාශ කොට එහි කැලී මාර්ගයේ දමා ගොස් ඇත.

ප්‍රදේශයේ කිතුණු ජනතාව මහත් බැතියෙන් පුජා කටයුතු පැවැත්වු සුරුවමක් එලෙස කඩා දමා ඇති අතර, කිසියම් කඩාකප්පල්කාරි පිරිසක් මෙය සිදුකරන්නට ඇති බවටත් ඉතා ඉක්මනින් වරද කරුවන් සොයාගත යුතු බවටද ප්‍රදේශවාසී කිතුණු බැතිමතුන් පවසා සිටිති.

අදාළ කිතුණු ප්‍රතිමාව කැඩූ පුද්ගලයින් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් සොයා පුළුල් පරික්ෂණයක් අරඹා ඇති බවට යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More