දේශීය පුවත්

දැනට රාජකාරියේ යෙදීසිටින බුද්ධි අංශ නිලධාරීන් පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට නොඑවන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශයත් සමග බුද්ධි අංශ නිලධාරීන් කැඳවීමේ ගැටලුවක් මතුවීම නිසා කාරක සභාවේ කටයුතු ඉදිරියට පවත්වාගෙනයෑම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබෙන බව එම කමිටු ආරංචිමාර්ගවලින් පැවැසේ.

කමිටුවේ සාමාජිකයන් කතානායක කරු ජයසූරිය මහතා හෙට පෙරවරුවේ හමුවී මේ පිළිබඳව දැනුම්දීමට බලාපොරොත්තු වන බව ඒ ආරංචිමාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ඉදිරිපත් කෙරුණු සාක්ෂි මගින් අනාවරණය වූ තොරතුරු අනුව රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා කැඳවීමට අවශ්‍ය වී ඇතත්, ජනාධිපතිවරයාගේ ප්‍රකාශයත් සමග මතුවී තිබෙන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් විශේෂ කාරක සභාව තවමත් ඒ ගැන ස්ථිර තීරණයක් ගෙන නැතැයි දැනගන්නට ඇත.

ජනාධිපතිවරයාගේ තීරණයත් සමග කමිටුවට යනවාද, නැද්ද පිළිබඳව බුද්ධි අංශ නිලධාරීන් ද දෙගිඩියාවකට පත්ව සිටින බව දැනගන්නට ඇත.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මීළඟට රැස්වීමට නියමිතව ඇත්තේ හෙට (18) පස්වරු 2.00ටය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More