දේශීය පුවත්

පැවැත්විය යුත්තේ පළාත් සභා මැතිවරණය හෝ ජනාධිපතිවරණයයි මහමැතිවරණයක් පැවැත්වීමට පාර්ලිමේන්තුවේ 2/3 කින් සම්මත විය යුතු බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහා සංඝරත්නය 600 නමක් විෂයෙහි අනුරාධපුර රුවන්වැලි සෑ රදුන් අභියස පැවති සංඝත දක්ෂිණාවකට හා පිංකම් මාලාවකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘මහ මැතිවරණ පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත වීම අවශ්‍ය වෙනවා. අද අනිවාර්යයෙන්ම තිබිය යුතු මැතිවරණය වන්නේ පළාත් සභා සහ පළාත් සභා මැතිවරණය සහ ජනාධිපතිවරණයයි. ව්‍යවස්ථාව උල්ලංඝනය කර කර මේ රටේ ජනතාවගේ ධනය නාස්ති කිරීම රටට උචිත දෙයක් නෙවෙයි. ඔක්තෝම්බර් 08 වෙනිදායින් පසුව ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවිය යුතුයි. නියම වශයෙන් තියන්න තිබුණේ පළාත් සභා මැතිවරණය නොයෙක් හේතු නිසා පවත්වන්න නොහැකි වුණා. ජනාධිපතිවරණයට රට සූදානම් කරගන්න ඕනේ. ජනාධිපතිවරණය කිසිඳු ආකාරයකින් කල් දමන්න අපි ඉඩ තියන්නේ නැහැ. ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතුයි. මහ මැතිවරණයත් ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතුයි. ඊට පිටතින් කටයුතු කරන්න පාර්ලිමේන්තුවටවත්, අධිකරණයටවත් ඉඩ තියන්නේ නැහැ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More