දේශීය පුවත්

චීන සිගරැට් ගෙන්වීමට කටයුතු කළහොත් තමා එක මොහොතක් හෝ ආණ්ඩුවේ රැඳී සිටින්නේ නැතැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

චීන සිගරැට් ගෙන්නුවොත් තමා ආණ්ඩුවට එරෙහිව කැරැල්ලක් දියත් කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ඇමැති රාජිත සේනාරත්න මහතා මේ බව සඳහන් කළේ චීනයෙන් සිගරැට් ගෙන්වීමට ඇමැති මංගල සමරවීර මහතා කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවෙන පුවතක් පිළිබඳ අප කළ විමසීමකදීය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීය.

‘‘මේ කරන්න යන්නේ වැරදි වැඩක්. චීනයේ 6000 ක් පමණ අප රටේ සේවය කරනවා කියා චීනයෙන් සිගරැට් ගෙන්නුවොත් එය වැරදි ආදර්ශයක් වෙනවා. අප රටේ ඉන්දියාවේ, රුසියාවේ අයත් වැඩ කරනවා. මේ අයත් ඉල්ලීමක් කළොත් එම රටවලින් සිගරැට් ආනයනය කරනවාද? මම මේකට කොහෙත්ම ඉඩදෙන්නේ නැහැ. ආණ්ඩුව ඇතුලේ කැරැලි ගහනවා. මම මේ බව අනෙක් ඇමැතිවරුන්ටත් දැන්වූවා. අප රටේ දුම්කොළ වලින් අය කරන බදු මුදල්වලට වඩා දෙගුණයක් යනවා දුම්කොළ භාවිතය නිසා ඇතිවෙන රෝග සඳහා පිළියම් කරන්න. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා කියලා තියෙනවා සංවර්ධනය වන රටවල දුම්කොළ භාවිතය ප‍්‍රවර්ධනය වන අයුරින් කටයුතු කරන්න එපා කියලා. තත්ත්වය එසේ තිබියදී චීනයෙන් සිගරැට් ගෙන්වීම කිසිසේත් අනුමත කරන්න බැහැ. දුම්කොළ විරෝධී කි‍්‍රයාකාරකම් සඳහා ශ‍්‍රී ලංකාව තුන් වරක්ම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සම්මාන පවා ලබාගෙන තිබෙනවා. තත්ත්වය එසේ තිබියදී මේ අය මොනවද කරන්න යන්නේ. මම ඒකට කොහෙත්ම ඉඩ දෙන්නේ නැහැ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More