විදේශ පුවත්

ඕමානයේ ගල්ෆ් කළාපයේදී ඉන්ධන නෞකා දෙකකට ප්‍රහාර එල්ල කිරීම පිටුපස ඉරානය සිටින බව ඇමරිකාව පවසයි.

ප්‍රහාරයට ලක්වූ එක් නෞකාවක බඳේ තිබී පුපුරා නොගිය බෝම්බයක් ඉරාන විශේෂ කාර්ය බලකාය විසින් ඉවත් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද ඇමරිකානු ආරක්ෂක අංශ විසින් මාධ්‍යට නිකුත් කර ඇත.

එසේම මෙම බෝම්බය ගැලවීමට පෙර නැව් බඳේ තිබෙන ආකාරය දැක්වෙන ඡායාරූපයක් ද ඔවුන් නිකුත් කර ඇත.කෙසේ වුවද ඉරානය මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.

මීට මාසයකට පෙර ඉන්ධන නෞකා හතරක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට නුදුරින් මුහුදේදී ප්‍රහාරයට ලක්වුණු අතර ඒ සම්බන්ධව ද ඇමරිකාව ඉරානයට චෝදනා එල්ල කළේය. එම අවස්ථාවේ සාක්ෂි කිසිවක් ඉදිරිපත් නොවුන අතර ඉරානය එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.

2017 වර්ෂයේදී ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පත්වීමෙන් පසු ඉරානය හා ඇමරිකාව අතර නොසන්සුන්තාවයන් වර්ධනය විය.

ඔබාමාගේ පාලන කාලයේ පවත්වාගෙන ගිය න්‍යෂ්ටික ප්‍රතිපත්තිය අත්හැර දැමූ ට්‍රම්ප් ඉරානයට සම්බාධක පැනවීය.

ඊයේ (13) නෞකා දෙකට ප්‍රහාර එල්ලවීමත් සමඟ තෙල් මිල සියයට හතරකින් ඉහළ ගිය බව මාධ්‍ය වාර්තා කර ඇත.

(බීබීසී ඇසුරිණි – 085)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More