දේශීය පුවත්

මුලතිව් ගුරුකන්ද පුරාණ රජ මහා විහාරයේ ප්‍රධාන නාම පුවරු දෙකම දහවල් මුලතිව් මාර්ග සංවර්ධන අධිකාරියේ යැයි කියාගත් පිරිසක් ගලවා දැමූ බවට විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන් පවසනවා.

මුලතිව් නයාරු ප්‍රධාන මාර්ගය අසල පිහිටි ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ නාම පුවරුව මාර්ගය අසල පන්සල් භූමියේ ඉදිකොට තිබුණද කිසිදු දැනුම් දීමක් නොමැතිව එක්වරම මාර්ග සංවර්ධන අධිකාරියේ පිරිසක් විසින් අදාල නාම පුවරු දෙකම ගලවා දැමූ බවත් නාම පුවරුව ගලවන අවස්ථාවේදී මුලතිව් පොලිස් නිලධාරීන්ද එම ස්ථානයේ සිටි බවට විහාරාධිපති හිමියන් පැවසීය.

ගුරුකන්ද පුරාණරජමහා විහාරයේ නාමපුවරුව ගලවන අවස්ථාවේදී ඒ පිළිබඳව විමසීමේදී මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පවසා ඇත්තේ අදාල නාම පුවරු ඉදිකොට ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් භූමියේ බවත් ප්‍රධාන මාර්ගයේ සිට අඩි 15කට එපිටින් නාමපුවරු ඉදිකළ යුතු බවටත් පවසාය.

නාම පුවරුව ඉවත් කිරීමෙන් පසුව පන්සලේ නාම පුවරුවක් නොමැති බවටත් ඉතිරිව ඇත්තේ පසුගියදා අධිකරණ නියෝගයකට අනුව දේවාලයේ නම් කරන ලද නීරාවියඩි පිල්ලයාර් කෝවිලේ නම පමණක් බවද විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන් වැඩිදුරටත් පැවසීය.

සිතට දැනෙන වේදනාව…. පන්සලක නාම පුරැවක් ගලවනක් බුද්ධශාසන ඇමති නිදාගෙනද හිටියේ ????

Gepostet von Guru kanda rajamaha viharaya am Freitag, 14. Juni 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More