පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මහා සංඝරත්නය තුළ කිසිදු ප්‍රසාදයක් නොමැති බව අස්ගිරි පාර්ශ්වයේ මහාලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසයි.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් මහතා ඊයේ (14) පස්වරුවේ අස්ගිරි විහාරයට පැමිණි අවස්ථාවේදීයි.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් මහතා ඊයේ පස්වරුවේ අස්ගිරි මහා විහාරය වෙත පැමිණ එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥානරතන නාහිමියන් බැහැදුටුවේය.
එහිදි අදහස් දැක්වු ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි – මහාලේඛකාධිකාරී – අස්ගිරි පාර්ශ්වය,
” චෝදනාවක් නැති මුස්ලිම් දේශපාලනඥයින් මේ බද්ද වෙලා තියෙන දේශපාලන ඒ කටයුතුත් එක්ක බැඳිලා සිටින තත්ත්වයෙන් වෙන් වෙලා ගියොත් අපිට රේඛාවක් වගේ බෙදීමක් වෙන්වීමක් ඇති වෙනවා සමාජය තුළ ජනවාර්ගික වශයෙන්. ඒක අහිතකර පැත්තක් වෙනවා.
ඒ වගේම දැනට මේ පාර්ලිමේන්තුව තුළ තේරීම් කාරක සභා කමිටුව තුළ සිද්ධ වෙන ක්‍රියාදාමය පිළිබඳව දැන් මේ වෙනකොට ප්‍රාසදයක් නැහැ. ඒක අපේ රජය රාජ්‍යත්‍රන්තය වශයෙන් විශාල අර්බුදයකට නිර්මාණය කරලා තියෙනවා. ”