දේශීය පුවත්

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඊයේ දින කැඳවූයේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍යංශ ලේකම් ජේ ජේ රත්නසිරි මහතාය.

එහිදී අමාත්‍යංශ ලේකම්වරයා දැඩි ලෙස පීඩනයට පත් කරමින් ප්‍රශ්න කිරීමට ඉදිරිපත් වූයේ දෙමළ සන්ධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා සහ මුස්ලිම් කොංග්‍රසයේ රාවුෆ් හකීම් මන්ත්‍රීවරයාය.

රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා යනු පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් චෝදනා එල්ල වූ රිෂාඩ් බදියූදීන් අමාත්‍යවරයාට සිය තනතුරින් ඉල්ලා අස් වීමට සිදු වූ අවස්තාවේ බදියුදීන් සමග එක්ව තනතුරින් ඉල්ලා අස්වූ හිටපු අමාත්‍යවරයෙක් වීම විශේෂත්වයකි.

එවැනි පසුබිමක් සහිත පුද්ගලයන් තේරීම් කාරක සභාවේ සිටිමින් සිය රාජකාරිය නිසියාකාරව සිදු කළ නිළධාරියෙකුගෙන් ප්‍රශ්න කිරීම සමාජයේ දැඩි ආන්දෝලනයට හේතු වී තිබේ. ඒ අතර එම දේශපාලකයන් ඉදිරියේ නිර්භීතව අවශ්‍ය කරුණු පැහැදිලි කරමින් පිළිතුරු ලබා දුන් ජේ ජේ රත්නසිරි අමාත්‍යංශ ලේකම්වරයා සමාජයේ දැඩි ප්‍රශංසාවට ලක්වීමද විශේෂත්වයකි.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් සැඳුම්ලත් ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයද ජේ ජේ රත්නසිරි අමාත්‍යංශ ලේකම්වරයාට ලිපියක් යවා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ එතුමන් දැක්වූ නීර්භීතභාවය අගයා ලිපියක් යොමු කර තිබෙනවා. එහිදී එම සංගමයේ මහ ලේකම් මහාචාර්ය චන්න ජයසුමන ලිපියක් මගින් පෙන්වා දෙන්නේ යාපනය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මතු කළ අසංවර, අතාර්කීක කරුණු හමුවේ ලේකම්වරයා දැක්වූ අදීනත්වය විශිෂ්ඨ බවයි.

විශේෂයෙන්ම සමාජජාලා මාධ්‍යයන්හි ජේ ජේ රත්නසිරි අමාත්‍යංශ ලේකම්වරයාට විශේෂ ස්තූතියන් පළව තිබුනා.

එවන් නිර්මාණ කිහිපයක් පහතින්,



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More