කිසිදු වඩු මඩුවක් හෝ පවතින ස්ථාන ගත ලී මෝල් කිසිවිටෙකත් වසා දැමීමට හෝ අවහිර කිරීමට කටයුතු නොකරන බව තමා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.
ඊයේ(11) රාත්‍රීයේ අද දෙරණ ඔස්සේ විකාශය වු වාදපිටිය සජීවි වැඩසටහන සමඟ එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සිය නිල මුද්‍රාව හා අත්සන සහිතව ලිඛිත ලියවිල්ලක් ලබා දෙමින් මේ බව පවසා සිටියේය.
සාම්ප්‍රදායික වඩු මඩු තහනම් කිරීමක් සිදු නොකෙරෙන අතර ජංගම ලී මෝල් ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට මහවැලි සංවර්ධන හා පරිසර සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර ඇති බව පසුගිය ජූනි 8 වන දා පැවසීය.
ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2014.12.03 වන දින අංක 1891/26 දරන දැව මඩු ලියාපදිංචිය සහ දේපල සළකුණු අති විශේෂ ගැසට් පත්‍රය සංශෝධනය කිරීමට නියමිත බව එම අමාත්‍යාංශය පවසා සිටියේය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සමාජයේ කතිකාවතක් ගොඩ නැගෙනවාත් සමඟම මොරටුවේ ජනතාව ඊයේ(11) දිනයේ දී වඩු මඩු වසා දැමීමට රජය තීරණය කර ඇතැයි චෝදනා කරමින් මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...