දේශීය පුවත්

ලිට්රෝ ගෑස් ලංකා සමාගම පුද්ගලීකරණය කිරීමට උත්සාහ දරන මුදල් අමාත්‍යවරයා සහ අනෙක් සම්බන්ධිත පාර්ශ්වවලට එරෙහිව ඇති විරෝධතාව දැඩි කරමින් අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට කටයුතු කළ බව ලිට්රෝ සුරැුකීමේ ජාතික එකමුතුව පවසයි.

ලාභ ලබන රාජ්‍ය ව්‍යාපාරය පෞද්ගලීකරණ ප‍්‍රයත්නයට ‘ලිට්රෝ සුරැුකීමේ ජාතික එකමුතුව’ විරෝධය දක්වන බවද ලිට්රෝ සුරැුකීමේ ජාතික එකමුතුව පවසයි. මේ ගැන කරුණු පැහැදිලි කරමින් එම සංගමය නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.

මෙම ලාභ ලබන රාජ්‍ය ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් පුද්ගලීකරණය කිරීම සඳහා ඇති ප‍්‍රයත්නය හමුවේ මෙලෙස නඩුව ගොනු කිරීමට ලිට්රෝ සුරැුකීමේ ජාතික එකමුතුව තීරණය කර ඇත. මෙම නඩුවේ වග උත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහා භාණ්ඩාගාරයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග, මුදල් අමාත්‍යාංශයේ ජේ්‍යෂ්ඨ උපදේශක මනෝ තිත්තවැල්ල, ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලාෆ්ස් ගෑස් ටර්මිනල් සමාගම සහ ලාෆ්ස් ගෑස් සමාගම නම් කර තිබේ.

ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සේවකයන්ගෙන් 80%ක් පමණ නියෝජනය කරන ලිට්රෝ සුරැුකීමේ ජාතික එකමුතුව, මුදල් අමාත්‍යාංශය මඟින් ගන්නා දැඩි තීරණ හමුවේ සමාගමේ යහපැවැත්ම ආරක්ෂා කිරීමේ ඒකායන අරමුණින් මීට මාස කිහිපයකට ඉහතදී ආරම්භ කෙරිණි.

මුදල් අමාත්‍යාංශයේ මෙම ප‍්‍රයත්නය ගැන අදහස් දැක් වූ ලිට්රෝ සුරැුකීමේ ජාතික එකමුතුවේ සභාපති ඒ.කේ. නලින් ප‍්‍රියන්ත පවසන්නේ මෙය ලිට්රෝ ගෑස් ලංකා සමාගම පුද්ගලීකරණය කිරීමට උත්සාහ කරන දෙවැනි අවස්ථාව බවයි.

‘‘මීට පෙර ඔවුන් ජාත්‍යන්තර සමාගමක් මඟින් මේ සමාගම පුද්ගලීකරණය කළා. පසුව එය නැවත රජයට පවරා ගැනීමට ඉතා විශාල පිරිවැයක් දැරීමට සිදු වුණා. අපි පුද්ගලීකරණයට විරුද්ධයි. මේ උත්සාහයට එරෙහිව අඛණ්ඩව විරෝධතාව දැක්වීමට කටයුතු කරනවා. මේක මේ රටේ මහ ජනතාවට අයිති සමාගමක්. 75%ක වෙළෙඳපල කොටසකට හිමිකම් කියන, පසුගිය මූල්‍ය වර්ෂ දෙකේදී රුපියල් බිලියන 10කට ආසන්න ලාභාංශ මහා භාණ්ඩාගාරයට ලබා දුන් එකම රාජ්‍ය සමාගම සමහර පාර්ශ්වයන්ගේ අවශ්‍යතාව මත පුද්ගලීකරණය කිරීමට උත්සාහ කිරීම අවසනාවන්ත තත්ත්වයක්.’’ යැයි සභාපතිවරයා කියා සිටී.

ගෑස් වෙළෙඳපළෙහි සිටින එකම තරඟකරුවා, ලිට්රෝ සමාගමේ සැපයුම්කරුවකු වීම මඟින් පාරිභෝගික ජනතාවට සහ රටට අවාසිදායක වෙළෙඳපලක් නිර්මාණය කිරීම හරහා සෘජුව හෝ වක‍්‍රව ලිට්රෝ ගෑස් ලංකා සමාගම පුද්ගලීකරණය කිරීම (පූර්ණ වශෙයෙන් හෝ අර්ධ වශයෙන්* වැළැක්වීම මෙම නඩුවේ එක් අරමුණකි. එමෙන්ම අමාත්‍යවරයා, අමාත්‍යාංශය සහ ඔවුන්ගේ මිත‍්‍ර පාර්ශ්ව විසින් ගන්නා ලද අත්තනෝමතික ක‍්‍රියාමාර්ගවලට විරුද්ධ වූ වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ඉවත් කිරීම ගැනද ලිට්රෝ සුරැුකීමේ ජාතික එකමුතුව දැඩි විරෝධය පළ කරයි.

වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කර නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීමට අමාත්‍යවරයා කිහිප විටක් උත්සාහ කළේය. ලාෆ්ස් ගෑස් සමාගම විසින් ඉදි කරන ලද නෞකා ඉන්ධන සැපයුම් පර්යන්තයේ හිමිකාරිත්වය අර්ධ වශයෙන් අත්පත්කර ගැනීමට කළ අයුතු උත්සාහයට විරෝධතාව පළ කිරීම මීට හේතු වූ බව ලිට්රෝ සුරැුකීමේ ජාතික ව්‍යපාරය සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More