දේශීය පුවත්

නැගෙනහිර මැතිවරණයට හිස්බුල්ලා මහතා තරග කළේ සහරාන් හෂීම් සමග ගිවිසුමක් අත්සන් කළ බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ඊයේ (11 දා) විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්කි දෙමින් කියා සිටියේය.

සහරාන් බිහිවන්නේ නැගෙනහිර මැතිවරණය සමග බව කී අසාද් සාලි මහතා එම මැතිවරණයට තරග කරන සියලූ දෙනා ඔහු සමග ගිවිසුමක් අත්සන් කළ යුතු බවට සහරාන් පැවසූ බවද කීය.

ඒ අනුව එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා සහරාන් සම`ග ගිිවිසුම් අත්සන් කළ බව කී අසාද් සාලි මහතා කාත්තන්කුඩියේ ජනතාව පසුවූයේ සහරාන්ට බියෙන් බවද කීය.

කාත්තන්කුඩියේ සම්ප‍්‍රදායික මුස්ලිම් නිවාස 120 ක් සහරාන් විසින් ගිනි තැබූ බවද ඒ සම්බන්ධව සහරාන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ කාත්තන්කුඩිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක් ලබාදුන් බවද අසාද් සාලි මහතා කීවේය.

එමෙන්ම පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ප‍්‍රහාරයන් හේතුවෙන් සම්පූර්ණ මුස්ලිම් ජනතාවම ත‍්‍රස්තවාදීන් කර ඇති බවත් එහි වගකීම ආණ්ඩුව විසින් බාර ගත යුතු බවද ඔහු සදහන් කල අතර තේරීම් කාරක සභා සාමාජිකයන් එම ප‍්‍රකාශයට විරෝධය දැක්වීය.

මේ සම්බන්ධව ජනාධිපතිවරයාට ද කිහිප අවස්ථාවකදී පැමිණිලි කළ බව අසාද් සාලි මහතා ප‍්‍රකාශ කළේය.

සහරාන් විසින් සිදුකළ ත‍්‍රස්තවාදී කටයුතු සම්බන්ධව පොලිසියට පැමිණිලි කළ ද පොලිසිය සිටියේ ද සහරාන් සම`ග බව අසාද් සාලි මහතා කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More