මෙරට තුළ ධර්ම සංගායනාවක්තිබිය යතු බවට ඉදිරියේ පත්වන දේශපාලන නායකත්වයට යෝජනා කරන බව රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.
අද(11) පැපිලියාන සුනේත්‍රාෙද්වී පිරිවෙනේ පැවති ජාතික විස්වත් භික්ෂු සංසදයේ ‘‘නව දස පනත‘‘ට දෙවන දින සාක්ෂි ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් සරත් වීරසේකර මහතා මේ බව සඳහන් කළේය.
ධර්ම සංගායනවාක් ඇති කර භික්ෂූන් වහන්සේලා සඳහා අවශ්‍ය නිති සකස්කළ යුතු බවත් මාධ්‍ය වෙත ප්‍රකාශ ලබාදීමේදී ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලාගෙන් එක් නියෝජනයක් පමණක් ප්‍රකාශ ලබා දිය යතු බව ඒ මහතා පෙන්වා දෙයි.
එමෙන්ම සියලුම බෞද්ධ භික්ෂූන්වහන්සේලා එක ජාලයකට කැඳවිමෙන් තුළි නිසි පාරිපාලනයක් ඇති කළ යුතු බව රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.
මේ අතර රට තුළ එක රටක්, එක නීතියක් ක්‍රියාත්මක වීමට නම් මේ රට එකීය රටක් විය යුතු බව ආචාර්ය සරත් වීරසේකර මහතා වැඩිදුරටත් පැවසීය.
මහාචාර්ය කොටපිටියේ රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේ මුලසුන හෙබවූ සාක්ෂි විමසීමේ අවස්ථාවට අද දින ජාතික සංවිධාන නියෝජිතයන් සදහා අවස්ථාව ලබාදී තිබුණි.
ජාතික සංවිධාන නියෝජනය කරමින් ආචාර්ය ගුනදාස අමරසේකර, නීතිඥ ඩබ්ලිව්.ඞී. රොඞ්රිගෝ, ආචාර්ය ජගත් චන්ද්‍රවංස ,වෛද්‍ය වසන්ත බණ්ඩාර, රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර, ප‍්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක, ආචාර්ය චමිල ලියනගේ, මතුගම සෙනෙවිරුවන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.












ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...