දේශීය පුවත්

බලන්ගොඩ නගරයේ ඌරු මස් විකිණීම සදහා වෙළඳසළක් ආරම්භ කිරීම සඳහා ගෙන ආ යෝජනාවක් වැඩි ඡන්ද නවයකින් අද (11) බලන්ගොඩ නගර සභාවෙදී සම්මත විය.

අද පැවැති මාසික මහ සභා රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සුනේත්‍රා වීරසිංහ මන්ත්‍රීවරිය විසින් බලන්ගොඩ නගරයේ ඌරු මස් අලෙවි කිරිම සඳහා වෙළඳසළක් ආරම්භ කිරීමට අවසර ලබා දිය යතු බවට කළ යෝජනාවකට අනුව ඡන්ද විමසීම සිදු කෙරිණි.

එහිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් යෝජනාවට පක්ෂව ඡන්ද 13 ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 4ක් ලැබිණි.

බලන්ගොඩ නගරයේ කුකුලු මස්, හරක්මස් ඇතුළු මස් කඩ හිමියන් වැඩිවශයෙන් ඇත්තේ මුස්ලිම් අය වන අතර උරු මස් විකිණීම සදහා නගර සභාව අවසරය ලබා දීම බොහෝ දෙනා විශේෂකොට සලකති.



One thought on “බලන්ගොඩ නගරයේ ඌරු මස් විකිණීමට අවසර”

  1. කොයි සතා මැරුවත් හොද නැහැ නේද? ඔය යෝජනාව සම්මත වුනේ ” එකට එක කිරීමේ ” වගේ දෙයක් නිසා නම් තවත් බරපතලයි. මුස්ලිම් ජාතිකයනුත් අනික් පලාත්වල ඔය වගේ එකට එක කිරීමේ වැඩ පටන් ගත්තොත් කොහොමට හිටීද? බලන්ගොඩ ඉන්නේ ඔය තරමටම මෝඩ මිනිස්සුද?

    දැන් ඉතින් ඔය කැලෑ වල ඉන්න ඌරන්ගෙත් අවසානය තමයි. කැලෑ වල සත්තු මරණ මිනිස්සු ඌරො ඉවර වුනාම අනික් සත්තු නොමරා ඉදීද?
    මේවා ඔය මංගලට කෑගහන, ලංකාවේ බුද්දාගම ගැන කතා කරන හාමුදුරුවරුන්ට ඇහෙන්නේ නැද්ද?

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More