දේශීය පුවත්

වර්තමාන මුස්ලිම් දේශපාලනඥයින් සිංහලෙන් සංහිදියාව ගැන කථා කර දෙමළින් ජාතිවාදය වපුරන බවට චෝදනාවක් ඇතැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. එසේම මේ වන විට සිදුව සෑම දෙයක්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනපතිවරණය සඳහා සම්බන්ධ බවත් ඔහු සඳහන් කළේය.

අද (11දා) විජේරාම ඔහුගේ නිල නිවසේදී පැවැති දේශනයකදී ඔහු මේ බව සඳහන් කළේය.

විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අද විජේරාම නිල නිවසේදී කළ දේශනය මෙහි දැක්වෙයි.

පසුගිය අප්‍රේල් 21 වනදා පාස්කු ඉරිදා ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරය මේ රටේ ඉතිහාසයේ කඩ ඉමක්. ඒකත් එක්කම තමන්ගේ ආගමික මතවාදයට එකඟ නොවන ජන කොටස් ඝාතනය කරන ත්‍රස්තවාදයක් ගැන දැඩි තැතිගැන්මක් මුලු ලංකාව පුරාම පැතිර ගියා. රටේ ආරිථික ක්‍රියාකාරකමුත් අඩාල වුණා. දැන් අයෙමත් යුද්ද කාලෙ වගේ දෙමවුපියො පාසල් මුරකරනව. යුද්ද කාලෙදීවත් නොතිබුණ විදියට අද අපිට ආගම අදහන්න වෙලා තියෙන්නෙත් ආරක්‍ෂාව යටතෙ. වෙසක්, පොසොන්, වෙනද වගේ සමරන්න බෑ, පල්ලි පන්සල් වලට බැතිමතුන් ඇතුල් කරගන්නෙ සෝදිසි කරලා.

මේ වෙනකොට ලංකාවේ මුස්ලිම් ප්‍රජාව හා වෙනත් ආගම් අදහන ජනතාව අතර තියෙන්නෙ විශාල අන්‍යෝන්‍ය අවිශ්වාසයක්. කුරුණෑගල රෝහලේ මුස්ලිම් වෛද්‍යවරයෙක් අන්තවාදී ආගමික මතවාදය නිසා මුස්ලිම් නොවන මව්වරුන් වඳ භාවයට පත්කරාය යන චෝදනාව නිසා මේ අවිශ්වාසය ඉතාම භයානක මානයකට යමින් තියෙනවා. මේ වගේ අවස්ථාවක රටේ නායකයෝ මෙන්ම මුස්ලිම් ප්‍රජාවේ නායකයොත් කටයුතු කරන්න ඕන ඉතාමත්ම වගකීමෙන්.

ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් සති දෙක තුනකට විතර පස්සෙ, සංවිධානාත්මක පිරිස් රටේ ඇතැම් ප්‍රදේශවල ජාතිවාදී කෝලහාලයක් ඇති කරන්න මුස්ලිම් කඩ සාප්පු වලට පහර දෙනව අපි දැක්කා. නමුත් ඒකට විරුද්ධව නැගී ආපු ජනතා විරෝධය හමුවේ ඒ ප්‍රචණ්ඩ ක්‍රියා ඉක්මනින්ම නැවතුණා. සමාජ ජාලා තුළත් ඒ ප්‍රචන්ඩ ක්‍රියාවලට දැඩි විරෝධයක් එල්ල වෙලා තිබුණ. පහුගිය ජනාධිපතිවරණයට කළිනුත් ඔය වගේම සිද්ධීන් 2014 කාලයේදී ඇතිවුණා. 2015 ජනවාරි 9 වෙනිදා බලනකොට ගුටි දීපු අයත් ගුටි කාපු අයත් දෙගොල්ලොම හිටියේ පොදු අපේක්‍ෂකයගේ පැත්තෙ. ඒ වගේම විජ්ජාවක් තමයි මේ පාරත් කරන්න හැදුවෙ, නමුත් ඒ උත්සාහය වැරදුණා.

මේ මොහොතේ සිදුවෙමින් පවතින හැම දෙයක්ම තව මාස කිහිපයකින් පවත්වන්න නියමිත ජනාධිපතිවරණයත් එක්ක කිට්ටුවෙන් බැඳිලා තියෙන බව අපි හැමෝම තේරුම් ගන්න ඕන.

වර්තමාන ආණ්ඩුවට ඕන කරන්නෙ 2015 ට කළින් නොයෙක් උප්පරවැට්ටි යොදලා තමන් වටේට සංවිධානය කරගත් මුස්ලිම් ඡන්ද පදනම ඊළඟ ජනාධිපතිවරණයටත් ඒ විදියටම පවත්වගන්න. විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ එක් කැබිනට් ඇමතිවරයෙකුට විරුද්ධව ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධකම් තිබුණාය කියන පදනම මත විශ්වාසභංගයක් ඉදිරිපත් කළා. විශ්වාසභංගයක් කියන්නෙ පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ප්‍රධානම අංගයක්. ඒක විපක්‍ෂයේ අයිතියක්.

ඒ වගේ විශ්වාසභංගයක් ඉදිරිපත් වුණාම සාමාන්‍යයෙන් වෙන්නෙ ඕන එක්කෝ ඒ විශ්වාසභංගය විවාදයට අරගෙන ඡන්දයක් විමසීමයි. නැත්නම් අදාල ඇමතිවරයා ධූරයෙන් අස්වෙලා චෝදනා වලින් නිදොස් වුණාට පස්සෙ ආපසු තනතුරේ දිවුරුම් දීමයි. ඒ සම්ප්‍රදාය සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ඇමතිවරුන්ට පොදුයි. ඉස්සර කාලේ එම්.ඒ. බාකීර් මාකර්, එම්.එච්. මොහොමඩ් වගේ මුස්ලිම් කතානායකවරුන්ට විරුද්ධව විශ්වාසභංග ඉදිරිපත් වුණාට ඒවා දිහා කවුරුවත් ජාතිවාදී විදියට බැලුවෙ නෑ.

නමුත් මේ පාර එක් මුස්ලිම් ඇමති වරයෙකුට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් කෙරුවාම ආණ්ඩුවේ ඉන්න සියලුම මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලල අස්වුණා. ඒක පාර්ලිමේන්තු සම්ප්‍රදාය නොවෙයි. යූඑන්පී ආණ්ඩුව මේ අවස්ථාවේදී මුස්ලිම් දේශපාලනඥයෝ පෙල ගස්සගෙන ඉදිරියේ එන ජනාධිපතිවරණයේදී ඔවුන්ගේ ඡන්ද ගෙඩිය පිටින් ලබාගන්න උත්සාහ කරන බවක් මෙයින් පේනවා. ඕවා තමයි මේ ඔක්කොම අස්සෙ සිදුවෙන සෙල්ලම්.

සාමුහිකව ඉල්ලා අස්වීමෙන් විපක්‍ෂයේ විශ්වාස භංගයත් ආණ්ඩුව අහෝසි කර ගත්තා. වෙනත් ප්‍රශ්නත් අමතක කරවගන්නත් ආණ්ඩුව මේවා ඉවහල් කරගන්නවා. දැන් බැඳුම්කර වංචාව ගැන මුකුත් කතා නෑ, රටේ ණය අර්බුධය ගැන කතා නෑ. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පස්සෙ තාමත් තුවාල කරුවන් ඉස්පිරිතාල වල ඉන්නවා, ඒගොල්ලනුත් අමතකයි. අන්තවාදීන් ගැන මුකුත් කතාවක් නෑ. සෝදිසි කිරීමුත් නැවතිලා, ආයුධ හමුබවෙන්නෙත් නෑ. අත්අඩංගුවට ගත්ත ත්‍රස්තවාදී සැකකරුවන් ගැන ගන්න පියවර ගැනත් මුකුත් කතාවක් නෑ. ඇතිවූ මේ උණුසුමත් එක්ක ආණ්ඩුව රටේ දේපොල විකුණන්නත් උත්සාහ කරනවා. එක ගලෙන් කුරුල්ලෝ සීයක් විතර මරලා.

යූඑන්පී එකට ඒ දක්‍ෂතාවය තියෙනවා. තමන්ගෙ දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් ඒගොල්ලො මේ රටේ මුස්ලිම් ප්‍රජාවත් හොදට ප්‍රයෝජනයට ගන්නවා. යූඑන්පී එකට මධ්‍යස්ථ මුස්ලිම් වගේම අන්තවාදී මුස්ලිම්වරුන්ගෙත් ඡන්ද අවශ්‍යයි. ඡන්ද ලැබෙන්නෙ කාගෙන්ද කියලා ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නොවෙයි. ඒ වගේම මුස්ලිම් නායකයන්ට තමන්ට හීලෑ කරගන්න පුලුවන් ආන්ඩුවක් අවශ්‍යයි. නමුත් මේ සුසංයෝගයෙන් සාමාන්‍ය මුස්ලිම් ජනතාව අද මුහුණ දීලා තියෙන ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නෙත් නෑ. මේ රටේ පොදු ජනතාවට අවශ්‍ය වෙන්නේ ආගම්වාදී ත්‍රස්තවාදීන්ගෙන් තමන්ගෙ ජීවිත බේරා ගැනීමටයි. මේ රටේ සාමාන්‍ය මුස්ලිම් ජනතාවට අවශ්‍ය වෙන්නෙත් තම ප්‍රජාව තුළින් ත්‍රස්තවාදීන් ඉවත් කරගෙන සුපුරුදු දිවි පෙවෙතට නැවත අවතීර්ණ වීමයි.

අද වෙනකොට, අන්‍ය ආගමිකයන් ඝාතනය කරන මිලේච්ඡ ආගම්වාදී ත්‍රස්තවාදයක් බිහි වෙලයි තියෙන්නෙ. බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සියලු ජනකොටස් තමන්ගේ ආරක්‍ෂාව සඳහා ඒ ත්‍රස්තවාදයට විරුද්ධව පෙළ ගැසමෙනුයි ඉන්නෙ. මේ වෙලාවේ මධ්‍යස්ථ මතධාරී බහුතර මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදයට විරුද්ධව ඇතිවෙමින් පවතින ඒ එකතුවෙන් කොන් විය යුතු නෑ. අන්තවාදී අදහස් රට තුළට ආපු නිසා ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව ක්‍රම ක්‍රමයෙන් සෙසු ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් විහින්ම ඈත් වුණු බව මුස්ලිම් ආගමික නායකයන් වගේම බුද්ධිමතුනුත් පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාර වලින් පස්සෙ ස්වයං විවේචනාත්මකව පිළිගත්තා.

1980 ගණන් වල ඉඳලා වෙනම මුස්ලිම් දේශපාලන පක්‍ෂ බිහිවීම නිසා දේශපාලන ක්‍ෂේත්‍රයෙත් ඔවුන් වෙනම ගමනක් යන්න පටන් ගත්තා. ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව සෙසු ශ්‍රී ලාංකික ප්‍රජාවෙන් ඈත් කරන මේ ක්‍රියාදාමයේ කූඨප්‍රාප්තිය තමයි පසුගියදා සියලුම මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස්වීමෙන් අපි දැක්කෙ. ඉල්ලා අස්වෙච්ච ඇමතිවරු විපක්‍ෂ නායකවරයා හැටියට කරුණු දක්වන්න මාව මුණගැහුනාම මම ඒගොල්ලන්ට මේ ගැන අවවාද කළා.

1980 ගණන් වල පළමු වරට වෙනම මුස්ලිම් දේශපාලන පක්‍ෂයක් පටන් ගත්ත මගේ මිත්‍ර එම්.එච්.එම්. අස්රොෆ්, ආගම්වාදී දේශපාලන පක්‍ෂයක් ඇති කරපු එකේ වැරැද්ද තේරුම් අරගෙනයි හිටියේ. ඒ හින්ද තමයි අන්තිම කාලේ ඔහු ‘නැෂනල් යුනිටි එලායන්ස්’ (National Unity Alliance) කියලා සියලුම ජාතීන්ට පොදු දේශපාලන පක්‍ෂයක් හැදුවෙ. නමුත් ඔහුගෙ මරණින් පස්සෙ, ඒ එකතුවීමේ ප්‍රවනතාවය නැවතුණා, විහින් හුදෙකලා වීමේ ප්‍රවනතාවය තවත් තීවුර වුණා.

අද ඉන්න මුස්ලිම් දේශපාලන නායකයෝ මුස්ලිම් ඡන්ද මත විතරක් රඳා පවතින නිසා ඒගොල්ලොන්ට ඒ ප්‍රජාව තුළ ඉන්න අන්තවාදීනුත් අවශ්‍යයි. පසුගිය වකවානුව පුරාම මුස්ලිම් අන්තවාදය මේ රට තුළ වර්ධනය වුණේ ඒකට විරුද්ධ වෙන්න දේශපාලන නායකත්වයට බැරි වුණ, බිය වුන නිසයි. මුස්ලිම් දේශපාලනඥයෝ සිංහලෙන් සංහිඳියාව ගැන කතා කරලා දෙමළෙන් ජාතිවාදය වපුරනවා කියලා ලොකු චෝදනාවක් තියෙනවා.

ලංකාවෙ මුස්ලිම් ප්‍රජාව තුළ අන්තවාදය ප්‍රචලිත වෙන එක අද ඊයෙ එකපාරට සිදුවෙච්ච දෙයක් නොවෙයි. මේක අවුරුදු ගණනාවක් මුලුල්ලෙ වාද විවාද, තර්ජන, ගර්ජන, ගුටි බැට හුවමාරු, පල්ලි ගිනිබත් කිරීම්, ගෙවල් ගිනිබත් කිරීම්, මිනීමැරුම්, ඔක්කොමත් එක්ක සිද්ධ වෙච්ච ක්‍රියාදාමයක්. ඒ සියල්ල සිදුවෙද්දිත් ලංකාවෙ මුස්ලිම් නායකයො තමන්ගෙ දේශපාලන පැවැත්ම සඳහා ඒ අන්තවාදීන්ටත් අනුග්‍රාහය දක්වලා වැඩෙන්න ඉඩ දුන්න. පාස්කු ඉරිදා බෝම්බ පිපිරුනායින් පස්සෙ සමහර නායකයො කියන්න පටන් ගත්ත “අපි හිතුවෙ නෑ මෙච්චර දෙයක් සිද්ධවෙයි” කියල.

නමුත් දැන් අපි සිද්ද වෙලා තියෙන දේට විසඳුමක් හොයන්න ඕන. ත්‍රස්තවාදය මේ රටේ සෙසු ජන කොටස් කිසිසේත්ම ඉවසන්නෙ නෑ. මේ ත්‍රස්තවාදය අපි මොන ක්‍රමයකින් හෝ විනාශ කළයුතුයි. ජනතා විමුක්ති පෙරමුණේ භීෂණය නිසා සිංහල පුද්ගලයන් අත්අඩංගුවට ගැනුන, සිංහල නිවාස හා පන්සල් සෝදිසි කෙරුණා. කොටි ත්‍රස්තවදය නිසා දෙමළ පුද්ගලයන් අත්අඩංගුවට ගැණුනා. දෙමළ නිවාස හා කෝවිල් සෝදිසි කෙරුණා. මුස්ලිම් ප්‍රජාව තුළින් මතුවෙන ත්‍රස්තවාදයක් මර්ධනය කරන්න නම්, අනිවාර්‍යයෙන්ම මුස්ලිම් පුද්ගලයන් අත්අඩංගුවට ගන්න වෙනවා. මුස්ලිම් ගෙවල්, ව්‍යාපාරික ස්ථාන, පල්ලි සෝදිසි කරන්න වෙනවා. ඒවා කරන්නෙ නැතුව ඔඩු දුවපු අන්තවාදයක් තුළින් මතුවුණු ත්‍රස්තවාදයක් මර්ධනය කරන්න පුලුවන් වෙයි කියලා කියන එක බොරුවක්.

ආගම්වාදී ත්‍රස්තවාදය අපිට අලුත් දෙයක් වුණාට, ලෝකයේ සියලුම මුස්ලිම් රටවලට මේක බොහොම හුරු පුරුදු දෙයක්. මධ්‍යස්ථ මතධාරී මුස්ලිම් ප්‍රජාව තමයි ලෝකයේ අති බහුතරයක් ඉන්නෙ. ඉන්දුනීසියාව, මලයාසියාවේ ඉඳල ඕමානය, ඩුබායි, ඉඳලා මොරොක්කෝව දක්වා මුස්ලිම් බහුතරයක් වාසය කරන රටවල මිනිස්සුත් කරන්නෙ අපි වගේම සාමාන්‍ය ජීවිත ගත කරන එකයි. මුස්ලිම් බහුතරයක් වාසය රටවල් බොහොමයක වෙනත් ආගම් අදහන අය දහස් ගණන්, ලක්‍ෂ ගණන් ඉන්නවා. අන්තවාදය මර්ධනය කරලා තියෙන ප්‍රමාණයට සාපේක්‍ෂව ඒ රටවල් වල අන්‍ය ආගමිකයන්ගේ සුරක්‍ෂිතතාවය තහවුරු වෙනවා.

ලංකාවේ විතරක් නොවෙයි, ලෝක මුස්ලිම් ප්‍රජාවගෙත් ලොකුම හතුරා තමයි, අන්තවාදී ත්‍රස්තවාදය. මුස්ලිම් රටවල් විනාශ කරන්න අධිරාජ්‍යවාදී බලවතුන් පාවිච්චි කරන ප්‍රධානම මෙවලමත් මේ ආගම්වාදී අන්තවාදයයි. ඒ ප්‍රවනතා වලට සිතාමතාම උඩගෙඩි දීලා අධිරාජ්‍යවාදී බලවතුන් ඇෆ්ගනිස්ථානය, ඉරාකය, සිරියාව, ලිබියාව, යේමනය වගේ හොඳට තිබුණු මුස්ලිම් රටවල් සහමුලින්ම විනාශ කරල ඉවරයි. අපේ රටටත් දැන් ඇවිල්ලා තියෙන අන්තවාදී ත්‍රස්තවාදයෙන් ලාංකික මුස්ලිම් ප්‍රජාවට වෙන්නෙ අගතියක්ම මිස සුගතියක් නොවෙයි. සුලු පිරිසකගේ දේශපාලන උවමනාව මත මේ රටේ මුස්ලිම් ජනතාව සෙසු සමාජයෙන් වෙන් කරලා, ගාල් කරලා, තියාගන්න එකේ භයානකකම දැන්වත් ඔවුන්ගේ නායකයන්ට අවබෝධ වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

සෙසු සියලුම ජනකොටස් එකතුවෙලා මේ වෙලාවෙ අපේ රටේ ඉන්න මධ්‍යස්ථ මතධාරී බහුතර මුස්ලිම් ජාතිකයන්ට ආරක්‍ෂාව සපයන්න ඕන. ඔවුන් කොන් නොකල යුතුයි. මේ වෙලාවේ හැම මුස්ලිම් පුද්ගලයෙකුම තමන්ගේ විචාර බුද්ධිය පාවිච්චි කරලා, ලාංකික සංස්කෘතියට අනුගත වෙලා, තම ප්‍රජාව තව තවත් අගාධයට ඇදගෙන යන පටු ආගම්වාදී දේශපාලනයෙන් මිදෙන්න ඕන. ඒක මුස්ලිම් ප්‍රජාව තුළින්ම එන්න ඕන වෙනසක්.

ත්‍රස්තවාදයට විරුද්ධව රටේ විවිධ ජනකොටස් එකමුතු වෙමින් පවතින මේ අවස්ථාවාදී ලෝකයේ බහුතර මුස්ලිම් ප්‍රජාව අනුව යමින්, මධ්‍යස්ථ ලාංකික මුස්ලිම් ප්‍රජාවත් එම එකතුවට එක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මම නායකත්වය දෙන ආණ්ඩුවක් යටතේ, මොනම ත්‍රස්තවාදයකටවත් මේ රටේ පවතින ඉඩ නොදෙන බව මම මේ අවස්ථාවේදී ජනතාව ඉදිරියේ ස්ථීර වශයෙන්ම ප්‍රකාශ කරනවා.

ස්තුතියි.

ඔබ සැමට තෙරුවන් සරණයි
දෙවි පිහිටයි



One thought on “වර්තමාන මුස්ලිම් දේශපාලනඥයින් සිංහලෙන් සංහිදියාව ගැන කථා කර දෙමළින් ජාතිවාදය වපුරනවා – මහින්ද”

  1. “….ලංකාවෙ මුස්ලිම් නායකයො තමන්ගෙ දේශපාලන පැවැත්ම සඳහා ඒ අන්තවාදීන්ටත් අනුග්‍රාහය දක්වලා වැඩෙන්න ඉඩ දුන්න….”

    අපට හිතෙන විදියට අන්තවාදී ප්‍රශ්න සෑහෙන්න අඩුවෙයි අරාබියෙන් මේ අයට එන සල්ලි නියාමනය කරලා ඒ ගැන අවධානයෙන් ඉන්න වෙනම බුද්දි + විගණක අංශයක් ස්ථාපනය කලොත්.

    ඇත්තටම මඩකලපුව/කාන්තන්කුඩිය පළාත දිහා බැලුවම පේන්නේ ඒක සිරියාවේ හදන්න බැරිවුන, නමුත් ලංකාවේ හදලා තියන muslim caliphate එක වගෙයි. ඒ පැත්තේ muslim financial services කියලා ගහපු බෝඩ් එකකුත් අපට පෙනුනා. අරාබි නම්පුවරු ගහගෙන අරාබි නම් තියන පාරවල් දාගෙන අරාබිකරයෙන් caliphate උන්මත්තවාදය හිසේ තියාගන ඉන්න කුමාරයන්ව, ෂේක් ලව ගෙන්නලා පෙන්නුවම ඒවාට වැඩි වැඩියෙන් ඔවුන්ගෙන් සල්ලි ලැබෙනවා. ඒ සල්ලි වලට වහ වැටිච්ච මුස්ලිම් නායකයන් සහ ඔවුන්ගේ අනුගාමීන් විතරක් නෙවෙයි සිංහල අවස්තාවාදීනුත් බිහි වෙනවා.

    ඒ විතරක් නෙවෙයි. මේ සල්ලි නිසා රටේ සාමාන්‍ය මද්යම පවුලක අයෙකුට තබා උසස් රක්ෂාවක් කරන කෙනෙකුටත් ඉඩම් කැබැල්ලක් ගෙන ගෙයක් සාදා ගැනීමේ හැකියාව නැති වෙනවා ඔවුන්ට අරාබි සල්ලි සමග තරග කරන්න බැරි නිසා. නගරයක (විශේෂයෙන් කොළඹ අසල) එක වීදියක ගෙයක් මිලට ගත්විට ඉතා පුදුම සහගත ලෙස ඉතා සුළු කලකින් මුළු වීදියම මුස්ලිම් වෙනවා. දෙහිවල පැත්තේ මේ වගේ දෙයක් වෙනවා අපි දැක්කා. තවත් පැති වලිනුත් මේ වගේ කතා අහන්න ලැබෙනවා. හැමෝටම එකම විදියේ අයිතිවාසිකම් තියෙන්න ඕන නේද?

    මඩකලපුව , මන්නාරම වගේ මේ පැති මහ ජනතාවට විවුර්ත වෙන විදියේ ව්‍යපෘති හදන්න ඕන. මඩකලපුවේ හදපු ෂරියා විශ්ව විද්‍යාලයට කැමරා කරුවන්ට යන්න දෙන්නෙත් නෑ ! හරියටම වෙනම රටක් වගේ.
    දැන් කියනවා අරාබි බෝඩ් ලෑලි ගලවනවා කියල. ඒවා කරන්නෙත් මහජන සල්ලි වලින්ද? ඒවාට අණ දුන් අයගෙන් ඒ සියලු වියදම් සදහා සල්ලි අයකර ගත යුතු වෙනවා.

    “…ලාංකික මුස්ලිම් ප්‍රජාවට වෙන්නෙ අගතියක්ම මිස සුගතියක් නොවෙයි…..භයානකකම දැන්වත් ඔවුන්ගේ නායකයන්ට අවබෝධ වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.”
    භයානකකම ගැන අනවබෝදයෙන් නෙවෙයි. සල්ලි වලට, බලයට තියන කෑදර කමින් ඔවුන් මත්වෙලා. ඒ එක්කම තමන්ගේ ජාතිය කොයි ක්‍රමයෙන් හරි ව්‍යාප්ත වෙනවට ඒ අය අකමැතියි කියලා හිතන්න අමාරුයි.

    මුස්ලිම් අම්මා වරුන්ට ගැහැණු දරුවකු ලැබුනම LRT සැත්කමද මොකක්ද කරනවා කියලා කතාවක් ඇහුනා. ඒ ඇයි?
    ගැහැණු දරුවකු ලබාදුන්නට දඩුවමක්ද? ඊළගට ලැබෙන්නෙත් ගැහැණු දරුවකුමයි කියල විශ්වාසෙකින්ද?
    එතකොට ඒ අය තමන්ගේ බෝවීම සදහා අවශ්‍ය ගැහැණු දරුවන් ලබා ගන්නේ කොහෙන්ද?
    මඩකලපුව අම්පාර විල්පත්තුව ආශ්‍රිත වගේ පලාත්වල සිංහල/දෙමළ ගැහැණු ළමයින් ඒ සදහා යොදා ගැනීමේ සංවිධානාත්මක සැලැස්මක් තියනවද? පුලස්තිනී රාජේන්ද්‍රන් එවැනි ගොදුරක්ද? තවත් එවැනි සිංහල “පුලස්තිනීලා” සිටීද? තමන් ” සිංහල අම්මලාගෙන් පැවත එනවාය” කියන “ලේ උරුමය” පෙන්වා ඔවුන්ගේ පිරිමි දරුවන් ඉදිරියේදී “සංග්‍රාමයකට ” යොමු කරවමින් ඒ සමගම තම සිංහල අසල්වාසීන්ගේ ඉඩම් අත්පත් කර ගැනීමේ කූට ව්‍යාපෘතියක් තිබේද?
    මේවා ගැන සොයන කවුරුවත්ම ඉන්නවද?
    අනාගත නායකයින් ඉදිරියේදී ඒවාට කුමන ප්‍රතිකර්ම යෙදීමට බලාපොරොත්තු වෙනවාද?

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More