මාතර, කිරින්ද, පහුල්වැල් ප්‍රදේශයේ ගම්මානයක් දැනට ලියාපදිංචිව ඇති “මංගල සමරවීර පෙදෙස“ යන නාමය වෙනස් කර ගැනීම සඳහා කිරින්ද ප්‍රදේශිය සභාව වෙත ඉදිරිපත් කළ යෝජනාවක් වැඩි ඡන්දයෙන් සම්මත වී ඇත.
එම යෝජනාවට පක්ෂව ඡන්ද 7ක් ලැබී ඇති අතර විපක්ෂව ඡන්ද 4ක් ලැබුණු බව වාර්තා වන අතර අදාළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත විය.
මේ පිළිබඳව කිරින්ද ප්‍රදේශිය සභා සභාපතිවරයා අණ්ඩුකාරවරයා දැනුවත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
පසුගිය දිනක එම ප්‍රදේශයේ ගම්මානයේ ගම්වාසීන් විසින් “මංගල සමරවීර පෙදෙස“ යන නාමය ඉවත් කර දෙන ලෙස ඉල්ලා කිරින්ද ප්‍රදේශිය සභාව වෙත පෙත්සමක් බර දී ඇත.
ඒ අනුව අදාළ පෙත්සම මඟින් ප්‍රදේශවාසීන් ඉල්ලා සිට ඇත්තේ “මංගල සමරවීර පෙදෙස“ යන නාමය අවලංගු කර “ළිඳගාව වත්ත මාවත“ යනුවෙන් නම් කර ලියාපදිංචි කර දෙන මෙන්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...