දේශීය පුවත්

‘වියත්මග’ සංවිධානය ‘රට සහ හෙට’ මැයෙන් බිංගිරියේදී පැවති සම්මන්ත‍්‍රණය අමතා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා මෙම අදහස් පළ කළේය.

එදා මහින්ද රාජපක්‍ෂ රජය ගෙදර යවන්න කටයුතු කළේ අධිරාජ්‍යවාදීන්. විදේශ බලවේගවලට මහින්ද රාජපක්‍ෂ රජය අවනත වුණේ නැහැ. තිස් වසරක් තිස්සේ පැවති ත‍්‍රස්තවාදය අවසන් කරන්නට හැකි වුණේ විදේශ බාධා මැදයි. ඒ වගේම මහින්ද රාජපක්‍ෂ රජය චීනය සමඟ රටේ සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කළා. විදේශ බලවේග චීනය ලංකාවේ මිත‍්‍රයෙක් වීම අනුමත කළේ නැහැ. යහපාලන ආණ්ඩු පෙරළිය විදේශ බලවේගවල ව්‍යාපෘතියක්. බලගතු රටවල් අවියෙන් හෝ මැතිවරණවලින් ආණ්ඩු වෙනස් කරනවා. විදේශ බලවේගවලට අවනත, යටත් නොවන ආණ්ඩු වෙනස් කරනවා. රෙජීම් චේන්ජ් කියන්නේ මෙවැනි ව්‍යාපෘතිවලටයි. එදා සිටම යහපාලන ආණ්ඩුව ක‍්‍රියා කරන්නේ තමන් බලයට ගෙන ආ බලවේග සතුටු කිරීම සඳහායි. හැටදෙලක්‍ෂයක් වූ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා නොවෙයි.

මේ ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු බලවත් රටවල නායකයන්, නියෝජිතයන් වැලනොකැඞී ආවා. ඒ එන හැම නියෝජිතයෙක්ම කියන්නේ බලය බෙදන්න, නව ව්‍යවස්ථාවක් ගේන්න, යුද්ධය අවසන් කළ රණවිරුවන්ට දඬුවම් කරන්න කියලයි. ඒ ගමන තමයි දැන් යමින් සිටින්නේ. රටේ ආරක්‍ෂක හමුදා ත‍්‍රස්තවාදයට එරෙහි කළ සටනේදී මානව හිමිකම් කඩකළ බවට, යුද අපරාධ කළ බවට ඇමරිකාව මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ යෝජනාව මේ රජය කැමැත්තෙන්ම පිළිගත්තා. සෙසු කණ්ඩායම් සහභාගි කරගෙන ජනතාව මුලාකරගෙන ජාත්‍යන්තරයට දුන් පොරොන්දු ඉටු කරමින් සිටිනවා. වක‍්‍ර මාර්ගයකින් අපේ රට විේදශ කොළනියක් කරා ගමන් කරමින් සිටිනවා.

රටේ ස්වාධීනත්වය රැක ගන්නවාද කියන අභියෝගය අප ඉදිරියේ තිබෙනවා. ස්වාධීනත්වය අහිමි කර ගන්නවාද? අධිරාජ්‍යවාදීන්ට යටත් වෙනවාද? ජාතීන් අතර අසමගියක් ඇති කරගෙන රට ලිබියාවක්, ඉරාකයක් කර ගන්නවාද? ලෝකයේ කිසිදු රටකට, ජාතියකට නැඟීසිටින්නට බැහැ ස්වාධීනත්වයක් නැතිව. එවැනි රටක ඔබේ දරුවන් ජීවත් වෙනවාද කියන ප‍්‍රශ්නය ඉදිරියේ පවතිනවා. මෙවර සටන අවුල් කරන්න විවිධ බලවේග ඇවිත් ඉන්නවා. මේ සටනින් රටට හිතවත් බලවේග පරාජය කරන්න විවිධ අවතාර ඉන්නවා. නිවැරදි කඳවුර තෝරාගන්න. රටේ ස්වාධීනත්වය, ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටින කඳවුර තෝරා ගන්න. නිවැරදි කඳවුර තෝරා නොගතහොත් වෙන්නේ අපේ විනාශයයි.

– වියත්මග මාධ්‍ය ඒකකය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More