දේශීය පුවත්

ලංකාවේ විතරයි අපි සුළු ජාතිය, නමුත් ලෝකයේ අප මහ ජාතිය බව ජාතිවාදීන් දැනගත යුතුයි. මුස්ලිම් ජනතාවගේ ආධ්‍යාත්මික කටයුතු පිළිබඳ කතා කිරීමේ අයිතිය පිළිබඳව මෛතී‍්‍ර, රනිල්, මහින්ද හෝ වෙන කිසිවකුට මැදිහත්වී තීරණයක් ගැනීමට බැරි බව හිටපු නැගෙනහිර ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා පැවසයි.

ඒ මහතා එසේ අදහස් පළ කර සිටියේ ආණ්ඩුකාර පදවියෙන් ඉල්ලා අස්වීමෙන් පසු කාත්තන්කුඩියේ පැවැති ජනතා හමුවකදීය. එහිදී වැඩිදුරටත් කතා කළ ඒ මහතා ලෝකයේ වෙනත් කිසිම රටකට ලබාදී නැති සහනයක් ඉරානය ලංකාවට ලබාදෙනවා. හය මසක ණයකට බොරතෙල් ලබාදෙනවා. අරාබි රටවල් විවිධ ආධාර ලංකාවට ලබාදී තිබෙනවා. ලංකාවට ණය ලබාදෙන රටවල් අතරින් දෙවැනි තැන ගන්නේ අරාබි රටවල්. බදුල්ල – චෙංකලඩි මාර්ග සංවර්ධනය සඳහා කෝටි 2000 ක් ලබා දෙන රට සෞදි අරාබියාව. නැගෙනහිර විශ්වවිiාලයට කෝටි 200 ක් ආධාර ලබාදෙන්නේ කුවේට් රට ඔපෙක් සංවිධානය ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ගේ ප‍්‍රශ්නය දිග්ගැසුණොත් ඉන්ධන ලබාදීම 23% ක ට සීමා කිරීමට සිදුවන බව පවසා තිබෙනවා. එසේ සිදු වුණේ් නම් ලංකාවේ පෙට‍්‍රල් ලීටරයක් රු. 450/- ක් වීමට ඉඩ තිබෙනවා. රටවල් 57 කින් සමන්විත ඕ. අයි. සී. සංවිධානය ඉතා බලවත් සංවිධානයක්, එහි ගන්නා තීරණ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගන්නා තීරණවලට සමානයි. ඕ. අයි. සී. සංවිධානය මුස්ලිම් ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කරන ලෙස දන්වා තිබෙන අතර එසේ නොකළහොත් ආර්ථික සම්බාධක ඇති වීමට ඉඩ ඇති බවට ද අනතුරු අඟවා තිබේ.

රටේ බිම් අඟලක්වත් වෙන්කර අප පාලනය කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍යතාවකුත් අපට නැහැ. එළඹෙන ජනාධිපතිවරණයේදී මුස්ලිම් ජනතාවට සමගියෙන් හා එකමුතුවෙන් සිට තීන්දු තීරණ ගැනීමට සිදුවේවි. නායකයාගේ සිට ගම් මට්ටමේ සාමාජිකයා දක්වා පක්‍ෂ බේද අමතක කර එක්සත්ව කටයුතු කර ප‍්‍රජාවගේ ආරක්‍ෂාව සඳහා එක් විය යුතුයි.

ශී‍්‍ර ලංකා ඉතිහාසයේ අවුරුදු 90 කට පසු මුස්ලිම් අමාත්‍යවරුන් නොමැති ඇමැති මණ්ඩලයක් මේ රටේ ඇතිවී තිබෙනවා. මෙය අභාග්‍යසම්පන්නයි. මින් ඉදිරියට ඇමැති මණ්ඩලයේ හෝ තනතුරුවල හෝ අප සිටිය යුතු නම් මුස්ලිම් ප‍්‍රජාවගේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබා දිය යුතුයි.



One thought on “ලෝකයේම මහ ජාතිය අපි මුස්ලිම් ජනතාව ගැන තීරණ ගන්න මෛති‍්‍රට, රනිල්ට, මහින්දට හෝ වෙන කෙනෙකුට බෑ – හිස්බුල්ලා”

  1. හිසබුල්ලා ශ්‍රී ලාංකික ලේබලය ගලවා දමා තමන්ද අරාබිකාරයෙක්ය යන පදනමේ සිට කතාව අරබා තිබේ. ඔවුන් විශාල සංඛ්‍යාවක් ලොවපුරාම සිටින බවක් පවසයි. කතාව ඇත්තකි.. ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව ඉතා කුඩාය. අපි ලෝකයේ සුළු ජාතියක් බවද සැබෑය. අපිට වඩා ඊශ්‍රායල් ජන සංඛ්‍යාව ඉතා කුඩාය.සංඛ්‍යාත්මකව එහි වාසය කරන්නේ, 8,424,904කි. එම රටේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 20,770කි. මේ විශාලය කියන අරාබි කාරයින් වර්ෂ 1948 සිට මේ කුඩා ජාතියට එරෙහිව සටන් කොට හොට බිම අනාගෙන ඇත්තේ වරක් දෙවරක් නොවේ. මේ අනුව, 22,576.592ක ජනගහනයක් සිටින රටේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 65,610ක් වන ශ්‍රී ලාංකිකයින් කොහොමත් පරාජය කල නොහැක. හිසබුල්ලා අවභෝධකරගත යුත්තේ, මුවන් විශාල ප්‍රමාණයක් ඉන්න වනයේ සිංහයින් සිටින්නේ ස්වල්පයක් පමණක් බවත්, ඔටුවන් විශාල ප්‍රමාණයක් සිටින උතුරු අප්‍රිකාවේ, සිංහයින් සිටින්නේද ස්වල්පයක් බවත් පමණි. ඉස්රායලය යලි යලිත් පෙන්වා දෙන දෙය අපෙනුත් බල ගැනීමට ගොස් අමාරුවේ වැටෙන්නේ, ඔටුවන්මය.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More