සතියේ අඟහරුවාදා පෙරවරුවේ සුපුරුදු පරිදි පැවැත්වෙන කැබිනට් රැස්වීම අද (11) දිනයේ නොපැවැත්වෙන බව රජයේ ආරංචි මාර්ග කියයි.
පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තව දුරටත් මේ ආකාරයෙන් කටයුතු කරන්නේ නම් තමාට කැබිනට් මණ්ඩල රැස්වීමටද සහභාගි විය නොහැකි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉකුත් සිකුරාදා (07) රාත්‍රීයේ පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර තිබිණි.
හෙට දිනයේ කැබිනට් රැස්වීම නෙපැවැත්වෙන්නේ ඒ නිසාද නැතිනම් වෙනත් හේතුවක් නිසාද යන්න පැහැදිලි නැත.
හෙට දිනයේ කැබිනට් රැස්වීම පැවැත්වෙන බවක් ඇමතිවරුන්ට ඊයේ (10) පස්වරුව වන තෙක්ම දැනුම් දී නොතිබිණි.
ඉකුත් සිකුරාදා පැවැති විශේෂ කැබිනට් රැස්වීම් වාර්තාව ඇමැතිවරුන් වෙත යවා තිබූ අතර හෙට කැබිනට් රැස්වීම නොපැවැත්වෙන බව එහි සඳහන් කර තිබී ඇතැයිද දැනගන්නට තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...