දේශීය පුවත්

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකරන ලද අත්තනෝමතික ක්‍රියා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අද (10දා) දින සිට විරෝධතා සතියක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මීට අමතරව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවත්, ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙස ඉල්ලා රජයේ ප්‍රධාන රෝහලක් ඉදිරිපිට විරෝධතා බැනරයක් ප්‍රදර්ශනය කරන බවත් එම සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

විරෝධතා සතිය තුළ සෞඛ්‍ය ඇමතිවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට අත්පත්‍රිකා බෙදා හරින බවත්, මීට අමතරව පළාත් මට්ටමින් විරෝධතා සිදුකරන බවත් හෙතෙම පවසා සිටියේය.

සතියක කාලයකින් පසු වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවත්, මේ නිසා සිදුකරන ක්‍රියාමාර්ග සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More