දේශීය පුවත්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන පරීක්ෂණ, ඉතිහාසයේ ඇතැම් සිද්ධීන්වල පරීක්ෂණ මෙන් ප්‍රතිඵල රහිත වනු ඇතැයි තමන් තුළ සැකයක් පවතින බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා පවසයි.

අක්මීමන, තල්ගස්යාය ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් කාදිනල් තුමා මේ බව කියා සිටියේය.

“මේ ප්‍රහාරය එකපාරටම ඇතිවු දෙයක් නෙවෙයි වසර ගණනාවක් ඉදලා සුදානම් වෙච්ච කරගෙනගිය වැඩපිළිවෙළක ප්‍රථිපලයක් හැටියට තමයි මම දැක්කේ. මේ වැඩපිළිවෙළ ලංකාවේ වැඩපිළිවෙළක්ද පිටරට දි සංවිධානය වු වැඩපිළිවෙළක්ද කියලා අපට කියන්න අමාරුයි. තාම ඒ වාර්තාවල් ලැබිලා නැහැ නේ පරික්ෂණ ඉවරවෙලා නැහැනේ. ඒ පරක්ෂනවලටත් මතබෙද මතුවෙලා තියෙනවා. සමහරවිට ඔය පරික්ෂන හරියට කෙරෙවිද කියලා දන්නෙත් නැහැ. ලංකාවේ පසුගිය වසර පනහ හතලිහ ඇතුලත මේක හැමදාම සිදුවු දෙයක්. ප්‍රහාරවලින් ඉතාම උසස් ගනයේ පුද්ගලයින් මරණයට පත්වුනා. ප්‍රේමදාස මහත්තයා බොම්බයකින් මරණයට පත්වුනා රන්ජන් විජේරත්න මහත්තයා මරණයට පත්වුනා සුප්‍රසිද්ධ නළුවෙක් වු විජය කුමාරතුංග මහත්තයා වෙඩිතියලා මරලා දැම්මා.මේ එකම මරණයකටවත් හරියාකාරව විමර්ශනයක් කරලා පිටිපස්සේ හිටියේ කවුද කියලා සෙව්වේ නැහැ කොටින්ම කියනවානම් ලංකාවේ සිදුවු මහා භිෂණය 1970,71, 88,89 ඒ භිෂණ පිටුපස හිටියේ කවුද කාවද මැරුවේ කියලා කිසිකෙනෙක් හොයලා බැලුවේ නැහැ. අපේ රටේ තරුණයන් තරුණියන් මේ භිෂණවලින් මරණයට පත්වුනා. පාරේ තැනිත් තැන මිනි දමලා තිබුනා. ටයර් සැයවල් තිබුනා. මේවා පිටුපස්සේ හිටියේ කවුදා කියලා කවදාවත් සෙව්වේ නැහැ මේක අපේ රටේ සංස්කෘතියේ කොටසක් වෙලා මිනි මරණවා මුකුත් කරන්නේ නැහැ. සමාවෙන්න මේවා කිව්වාට මට ටිකක් සැකයක් එනවා මෙවාත් ඔහොමද වේවිද කියලා. මිනිසුන් තුන්සියගානක් මැරුනා මේ අයගේ ජිවිත වලට වගකියන්නේ කවුද? මිනිසුන් දහස් ගණනක් මේ ලංකාවේදි මියගියා.”යැයි ද මැල්කම් රංජිත් ප්‍රසාදින් වහන්සේ පැවසුහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More