දේශීය පුවත්

ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා සිදුකර ඇති සමාජ ආගමික සේවය ගත්කළ ජනාධිපති ධූරයටද සුදුසුයි හන්තාන සඳගිරි මහසෑ විහාරාධිපති පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමි පවසයි.

උන්වහන්සේ මේ බව කියා සිටියේ අමාත්‍ය අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මූලිකත්වයෙන් පැවති පුස්සැල්ලාව ඉබ්බන්වැව ශ්‍රී සුදර්මාරාම විහාරයේ ධර්මශාලා ගොඩනැගිල්ල  සඟසතු කොට පූජා කිරීම හා දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සවයේදි අනුශාසනාවක් සිදුකරමිනි.

ධර්මශාලා ගොඩනැගිල්ල සඳහා අමාත්‍යවරයාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් හා දායක සභාවේ අරමුදල් ද ඇතුළු රුපියල් මිලියන 6.5ක් වැය වී ඇති අතර අද දින මුල්ගල තැබූ සංඝාවාස ගොඩනැගිල්ල ඉදිකිරිම සදහා කන්දඋඩරට උරුමය අමාත්‍යාංශයේ හා ප්‍රදේශයේ දායකයින්ගේ ප්‍රතිපාදනද ඇතුළුව රුපියල් මිලියන 13ක් වැයකිරිමට නියමිතයි.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සම්බන්ධයෙන් පසුගිය දිනක පුවත්ප ක හා වෙබ් අඩවි කිහිපයක විශේෂ පුවතක් පළ වී තිබුණි. ඒ එළඹෙන 2020 ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යෝජනා කිරීම සම්බන්ධයෙන්.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More