මුහුණු පොතෙන්

ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් නිල සංචාරය කල රාජ්‍ය නායකුට එම සංචාරය සනිටුහන් කිරිම සඳහා පිරිනැමු ඉහළම වටිනාකමක් සහිත තෑග්ග මෙවර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත ලබාදීමට ශ්‍රීලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කොට ඇත.

එනම් අනුරාධපුර ඓතිහාසික සමාධි බුදුරුවේ අනුරැවට සමාන දැව මුවාවෙන් නිමවූ ඉතා අග්‍රගන්‍යයේ කලා නිර්මාණයකි.

මෑතකදී පැවති ඉන්දීය මහා මැතිවරණයේන් අගමැති මෝදි නැවත විශිෂ්ට ජයග්‍රහණය ලැබීමෙන් පසු අගමැති මෝදි ශ්‍රීලංකාවේ සංචාරය කල අතර පසුගිය පාස්කු ඉරිදා ශ්‍රීලංකාවේ සිදුවූ දරුණු ඉස්ලාමීය ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු ශ්‍රීලංකාවට ඉන්දීය ආණ්ඩුවේ ඇති මිත්‍රත්වය සනිටුහන් කිරිම මෙම සංචාරයේ විශේෂ අරමුණ විය.

මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉස්ලාමීය ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් විනාශ වූ කොච්චිකඩේ දේවස්ථානය නැරඹීමට ගිය අතර ඒ සඳහා අති උතුම් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා ද සහභාගි විය.

ඉන්පසු කොටුව ජනාධිපති මන්දිරයේදී පැවති දිවා භෝජන සංග්‍රහයට සහභාගි වූ ඉන්දීය අගමැතිවරයා වෙනුවෙන් දෙරටේ රාජ්‍ය නායක සම්බන්ධය මනාව පැහැදිලි වන අග්‍රගණ්‍යයේ තෑග්ග පිරිනමා ඇත.

සුදු තේක්ක ලීයෙන් නිමවා තිබූ මෙම සමාධි බුද්ධ ප්‍රතිමාවේ වැඩ අවසන් කිරීම සඳහා අවුරුදු දෙකක කාලයක් ගතව තිබුණි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නිල ට්විටර් ගිණුමෙන් මේ පිළිබඳව ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබුණේ ‘විශේෂ මිතුරෙකුගෙන් විශේෂ ත්‍යාගයක්’ යනුවෙනි.

සමාධි බුද්ධ ප්‍රතිමාව ශ්‍රී ලංකාවේ අනුරාධපුර රාජධානිය සමයේ කළ විශේෂ නිර්මාණයක් ලෙස සැළකෙයි.

මෙම නිර්මාණය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පැසසුමට මෙන් ආකර්ශනය දිනාගත් විශේෂිත නිර්මාණයක් වීම විශේෂිතයි.

මෙම අවස්ථාවට ඉන්දීය අගමැතිවරයාගේ පරිවාර අමාත්‍ය සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ද සහභාගි වී ඇත.



One thought on “මහින්දගේ සිත්ගත් දැවයෙන් නිම කළ අග්‍රගණ්‍ය සමාධි බුදුරුව ජනපති මෛත්‍රී ඉන්දීය අගමැතිට තෑගි දෙයි”

  1. මේ කියන්න යන්නේ තමන්ගේ පරණ යාලුවා එක්ක අමනාප වුනාම ඒ යාලුවා “කැමතිම දේ ” ඒ යාලුවා බලා හිටිද්දීම අලුත් යාලුවට දෙන බාලාංශයේ දරුවෙක්ගේ “වටින් ගොඩින් කොකා පෙන්වනවා ” වගේ වැඩක් ගැන නොවෙයි.
    අර “පරිවාර” ඇමති කෙනෙක් පත් කරලා තිබුණාය නමුත් ඒ පරිවාර ඇමතිව eclipse කරලා තව කෙනෙක් ඒ පරිවාරකම ගත්තයි කියල ඊයේ කියවුන ප්‍රවුර්තියක් අහලා ඒකෙ ඇතුලාන්තය ගැන හිතෙන දෙයක් ගැනයි මේ කියන්න හිතුනේ.
    ඒ පරිවාර ඇමති ප්‍රවුර්තිය ඇත්ත නම් …..

    ඊලග ජනාධිපතිවරණයට “තමන්ට සුදුසු” කෙනෙක් ගැන ඉන්දියාව හිතනවද?
    දැනට ඉන්න ජනාධිපතිටම ඒ තනතුර ලැබෙන ආකාරයෙන් වැඩ සිද්ද වෙයිද නැද්ද කියලා ඉන්දියාවට ප්‍රශ්නයක් තියනවා නම් අනිවාර්යයෙන්ම spare ටයර් එකක් හරි දෙකක් හරි ගැන ඔත්තු ඒ අය සොයනවාමයි (2015 සිට මේ දක්වා වුන දේවල් අනුව, විශේෂයෙන්ම අගමැති මෝදී දැන් තවත් බලවත් වෙලා ඉන්න අවස්ථාවේදී එහෙම “සුදුසු” කෙනෙක් නොසොයනවා කියලා හිතන්න අමාරුයි).
    ඉතින් එහෙම නම් ඒ “ඔත්තුව” ගන්න ඕන insider information තියන කෙනෙක්ගෙන්මයි.

    2015 “යහ පාලන පෙරළිය ” ඇති කිරීම ගැන තමන් ඉන්දියානු එම්බසිය ඇතුලේ සාකච්චා කලාය කියලා ජනාධිපතිම කියලා තියනවා වගේ අපට මතකයි. ඒක කුමන්ත්‍රණයක් කියලා ඔහු පිළිනොගත්තත්, විදේශීය තානාපති කාර්යාලයක් තුල (හෝ ඒ වගේ වෙනත් ක්‍රමයකින්) වෙන රටක පාලන තන්ත්‍රය වෙනස්කිරීමට (regime change) අත පෙවීම සහ ඊට සහය දීම කුමන්ත්‍රණයක් විදියට තමයි ලෝකයේ පිළිගැනීම. ඒ හින්දා තමයි ඇමරිකාවේ ට්‍රම්ප් ජනාධිපති බලයට ආවේ රුසියාවේ සිට social media හරහා සිදුකල ඔහුට පක්ෂව සෑදූ “කෘතීම ජන මතයක් ” තුලින්ය, එම නිසා ඔහුගේ පත්වීම ප්‍රජාතාන්ත්‍රික නොවේය කියමින් ඇමරිකාවේ ට්‍රම්ප්ට විපක්ෂ කණ්ඩායම ඔහුට විරුද්දව දෝෂාභියෝගයක් ගෙන ඒම සදහා අර අදින්නේ.

    කොහොම නමුත් මෙතනදී අපට තියන ප්‍රශ්නය විදේශීය බලවේග විසින් 2015 ඇතිකලා වැනි අප රටට අහිතකර තත්වයක් නැවත උදාවේවිද කියන එකයි. ඒ සදහා 2015 ප්ලැනෙම mirror image එකක් වගේ දෙයක් ඇතිකරන්න යනවද? ඒ කියන්නේ මේ සැරේ එක්සත් ජාතික පක්ෂය දෙකට කඩන්න කෙනෙක් ඒ තුලින්ම හොයලා එයාව පොදු ජනාධිපති හැටියට පිළිගන්න කියලා ඉදිරි මහ මැතිවරණයෙන් ජය ලබන සන්ධානයට රාජ්‍ය තාන්ත්‍රික බලපෑම් කරන්න ප්ලෑනක් ඉන්දියාවට තියනවද?

    ඉදිරි මහ මැතිවරණයෙන් ජය ලබාදීමට රටේ මහජනයා බලන් ඉන්නේ එජාපයට නම් නොවෙයි කියලා පැහැදිලියි. නමුත් අපේ රටේ මෑත කාලයේ මැතිවරණ වලදී චෝදනා තිබුනා චන්ද ගණන් කිරීමේ අක්‍රමිකතා තිබුණාය කියලා. ඒ වගේම social media හරහා බොරු චෝදනා නගලා “කෘතීම ජන මත” හැදීමට වෙනම කණ්ඩායම් ඉන්නවාය ඒවගේ තව තව නුල් සුත්තර වැඩ තිබුණාය කියලා. දැනට රටේ තත්වය අනුව භීෂණ අවස්ථා ඇතිවෙලා මහා ජනයා බියවැදිලා සමහර මැතිවරණ කොට්ටාස වල චන්ද දැමීම/ගනන් කිරීම හරියට සිදු නොවන්නත් පුළුවන්. දැන් කරගෙන යන තේරීම් කාරක සභා නිසා අපේ බුද්දි අංශ නිලධාරීන් එලියට expose වෙලා ඒ බුද්දි අංශ වල අයත් තවත් මානසිකව වැටිලා ඒකේ පළපුරුදු ප්‍රධානියාත් අස්වෙලා නිසා මේ වගේ භීෂණ අවස්ථා ඉදිරි මැතිවරණයක් ලගදී ඇතිවෙන්නත් හොදටම ඉඩකඩ තියනවා. එහෙම භීෂණයක් වුනොත් විදේශීය හමුදා බින්න බැහැලා සේරම අවුල් වෙන්නත් පුළුවන්.

    මේ සේරම වියවුල් අස්සේ වුනත් මහින්ද ප්‍රමුඛ සන්ධානයකට ඉදිරි මහ මැතිවරණයෙන් ජය ලැබුනොත් ඊට පස්සේ විදේශීය බලවේග වලට කරන්න ඉතිරි වන්නේ කොහොමහරි ජනාධිපති අපේක්ෂකයා තමන්ට අභිමත අයෙක් වන බවට වගබලා ගැනීමයි. ඒ “සුදුසු” කෙනා සන්ධානයේම අයකු වුනත් වෙනත් පක්ෂයක වුනත් කමක් නෑ තමන්ට අවනත නම්. හැබැයි එම කෙනා එජාපයේ වුනොත්, එම තේරීම ඉන්දියාව පිටුපසින් සිට කල එකක් නම් ඒකෙන් ඇමරිකාවට වඩා ඉන්දියාවට වාසි වැඩියි.

    අපිට අමතක කරන්න බෑ ඉන්දියාව වගේම ඇමරිකාවත් මේ regime change භූමිකාව පිටුපස ඉන්නවා කියලා. ඒ වගේම මේ දෙගොල්ල අතර ලංකාව තුල සහ ඉන්දියානු සාගර කලාපය තුල බලය ගැන පමණක් නොවෙයි වෙළද ප්‍රශ්න වැනි ඇතුලත ප්‍රශ්නත් තියනවා. ඉන්දියාව ඉරානයෙන් තෙල් මිලදී ගන්නවාටත් ඇමරිකාව විරුද්දයි. ඉරානයෙන් තෙල් මිලදී ගන්න රටවලට සම්භාදක දානවා කියලා තර්ජනය කරනවා. පසුගිය ජුනි 5 සිට ඇමරිකාව, ඉන්දියාවෙන් ඇමරිකාවට අපනයනය කරන සමහර භාණ්ඩ සදහා ඇමරිකාව මේ දක්වා දුන් විශේෂ ගාස්තු (tariff) සහන තත්වය (special trade status) අත්හිටවලා “අලුත්ම වෙට්ටුවක්” දාලා තියනවා.

    කොහොම නමුත් විදේශීය අතදැමීම් හමුවේ වෙන්නේ නම් එකම දෙයයි. 2015 පත්වුණ ආණ්ඩුව වගේම ටික කාලයක් යනකම් ජනාධිපති අගමැති හවුල එකට වැඩ කරයි (ඒ කියන්නේ සියල්ල ප්‍රජාතාන්ත්‍රිකව වුනා/වෙනවා කියලා ජනතාව මුලාවේ දැමීම සදහා එහෙම වැඩ කරගෙන යන්න සමහරවිට මේ බලවේග ඉඩදෙයි බොහොම සුළු කාලයකට ) . ඊට පස්සේ ඉතින් සුක්කානම එක කෙනෙක් අතටත් ඉස්සරහ රෝද 2 ඊට විරුද්දව වැඩ කරන අයෙක් අතටත් ගියා වගේ තමයි රටේ පාලනය!
    ජනාධිපතිවරණයකට පළමුව මහ මැතිවරණයක් තිබ්බොත් බොහෝවිට ඔයවගේ දෙයක් සිදුවෙන්න ඉඩ තියනවා.

    නමුත් ජනාධිපතිවරණයක් පළමුව පැවත්වුනොත් මේ ව්‍යසනයෙන් රටට ගැලවෙන්න මාර්ගයක් පෑදෙන්න ඉඩ හැදෙනවා.

    ඒ සදහා මහින්ද ප්‍රමුඛ සන්ධානයට තමන්ට විශ්වාසී (ඒ වගේම රටට අහිතකර විදේශීය බලවේග හමුවේ නොසැලෙන) පුද්ගලයකු පොදු ජනාධිපති අපේක්ෂකයකු ලෙස තෝරා ගත යුතු වෙනවා. මෙතෙන්දී “පවුල් වාදය”, “විදේශයක හිටපු අයෙක් රටට ගැලපෙන්නේ නෑ ” වගේ බයිලා වලට මිනිස්සු රවට්ටන්න විරුද්ද පාර්ශවය බලයි. නමුත් ඒවා නිකම්ම මුලාකරවන කතා. ජෝර්ජ් බුෂ් සීනියර් සහ එයාගේ පුතා වන ජෝර්ජ් බුෂ් බලයට ආවේ නැද්ද? එතකොට ක්ලින්ටන් ජනාධිපතිගේ බිරිද හිලරි බලය ඉල්ලුවේ නැද්ද? ඒවා “පවුල් වාදය” නෙවෙයිද? එකම පාර්ලිමේන්තුවකට පත් නොවුන බව ඇත්ත. ඒත් ඊලග පරම්පරාව බලයට එන එකත් එක ආකාරයකට පවුල් වාදය තමයි. අනික් අතට එහෙමයි කියලා එම “පවුලේ ” පුද්ගලයට චන්දයකට එන්න තහනම් නම් ඒක එයාගේ අයිතිවාසිකමක් කඩ වීමක්. තවත් කාරණයක් තමයි විදේශයක කලක් ජීවත් වුන , ලෝකයේ අනික් රටවල වැඩ කරන/කෙරෙන හැටි දන්න කෙනෙක්ගේ දැනුම අපේ රටට විශේෂයෙන් ප්‍රයෝජනයි.
    කොහොම කොහේ හිටිය කෙනෙක් නමුත් අවශ්‍ය වන්නේ ඔහු රටට හිතැතියෙක් සහ
    ඉදිරි කාලයේ බලයට පත්වන අගමැතිට විශ්වාසදායී පුද්ගලයකු වීමයි. නැත්නම් ඉතින් අර කලින් සදහන් කල සුක්කානමයි රෝද දෙකයි එකිනෙකට පරස්පරව වැඩ කරන්න හදන තත්ත්වක් තමයි මතු වෙන්නේ.

    මහ මැතිවරණයකට පෙර ජනාධිපතිවරණයක් පළමුව පවත්වලා මහින්ද සන්ධාන පොදු අපේක්ෂකයා දිනුවොත් (එම සම්භාවිතාව ඇත්තටම වැඩියි) ඊළගට පැවැත්වෙන මහ මැතිවරණයක තීරණය ජනතාව අතේ නිසා එයට එතරම් බලපෑම් කරන්න විදේශීය බලවේග වලට බැහැ. දැන් එතකොට ජනාධිපති, අගමැති එකම කණ්ඩායමක, එකම ස්ථාවරයක එකිනෙකාට විශ්වාසී අය වුනාම මේ පිටින් එන අහිතකර බලවේග වලට මුහුණ දෙන්න ශක්තිය ආණ්ඩුවට තියනවා.

    නමුත් ජනාධිපතිවරණයකට පෙර මහ මැතිවරණයක් පැවැත්වුනොත්, මහින්ද පාර්ශවයට අවශ්‍ය කරන වැඩි බලය නොලැබීමෙන් (එසේ වන්නේ බොහෝ විටම අසාමාන්‍ය ක්‍රියා සිදුවීම් මගින් විය හැකියි) එම පත්වන ආණ්ඩුව දුර්වල වීම තුලින් හෝ එසේ සිදු නොවී වැඩි බලයක් ලැබුනත් , රාජ්‍ය මට්ටමේ බලපෑම් මගින් ඊලගට දිනවන ජනාධිපති අපේක්ෂකයා රටට වඩා විදේශයන්ට හිතකර පුද්ගලයෙක් වෙලා අවුල් සහගත පාර්ලිමේන්තුවක් නිර්මාණය වෙන්න හොදටම ඉඩකඩ තියනවා.

    ඒ හින්දා පළමුව ජනාධිපතිවරණයකට යන්න එකගත්වයක් අවශ්‍ය බව අපි හිතනවා.

    නමුත් ජවිපෙ ගේන ආන්ඩුවට විරුද්ද විශ්වාස භංගය දිනලා ආණ්ඩුව දියවෙලා ගිහින් පළමුව මහ මැතිවරණයක් තියන තැනට වැඩ සැලැස්වුනොත් ආයෙමත් 2015ක් repeat වීමේ අවදානමක් තියනවා.
    හැබැයි විශ්වාස භංගයට විරුද්ද වුනොත් ජවිපෙ කියයි මේ ආණ්ඩුව තවත් බලයේ තියාගෙන ඉන්නේ මහින්ද සන්ධානය කියලා!
    මේ තත්වය “ගෙදර ගියොත් අඹු නසී. මග හිටියොත් තෝ නසී” ද මොකක්ද වගේ තමයි!

    කොහොම නමුත්, අවසාන වශයෙන් කියන්න තියෙන්නේ කොයි පක්ෂයේ කවුරු ආවත් රටට අවැඩක් නොවෙනවානම්, රටේ සම්පත් පිටරැටියන්ට නොවිකෙනවානම්, විදේශ හමුදා රටේ බින්න බැස රටේ මිනිසුන් වහලුන් කර රට සිරියාවක්/ලේ විලක් නොවෙනවානම්, ඒ පොළවේ ඉපදුන වැඩුන අපට, ජනතාවට ඕන එපමණයි.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More