දේශීය පුවත්

2015 වර්ෂයෙන් පසුව රටේ පාලන තන්ත්‍රය ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇති බව බව මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමි ප්‍රකාශ කරයි.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ ඊයේ මහනුවර පැවති සම්මන්ත්‍රණයකදීයී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළේය.

“ජනාධිපති, අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව, අධිකරණය ආකූල ව්‍යාකූල වුණා 2015 ජනවාරී 08 වෙනිදායින් පස්සේ. නැෂනල් සෙකියුරිටි ස්ට්‍රක්චර් එක හරියට ක්‍රියාත්මක වුණේ නැත්තේ ඔය ප්‍රශ්නේ නිසා. අපි ස්තූතිවන්ත වෙන්න ඕනේ මේ රටේ නිලධාරී තන්ත්‍රයට.

රට කරගෙන ගියා දින 51 ආණ්ඩුව තුළ. රටේ ආහාර,අත්‍යවශ්‍ය බඩුවල හිඟයක් ඇති වුණේ නෑ. ඒ වෙන දෙයක් තියා සාමාන්‍ය පෙළ විභාගය ඉතාම සාර්ථකව සිද්ධ කළා.

උසාවිය ජනාධිපතිවරයාගේ නිවේදනය අත්හිටෙව්වා. ඇයි මේ ගැසට් නිවේදනයක් නිකුත් කළේ ඇහුවේ නෑ. සහරාන් හිටියනම් අපි අහනවනේ.

ඇයි බෝම්බ ගැහුවේ කියලා. අනිත් කාරණය ත්‍රස්තවාදි ක්‍රියාදාමය ක්‍රියාත්මක වන බව මුස්ලිම් මවුලවිතුමන්ලා අමනාප වෙන්න එපා එතුමන්ලා දැනගෙන හිටියා.

කාත්තන්කුඩියේ අරාබි භාෂාව පාවිච්චි කර, රටඉඳි ගස් හදාගෙන මේ යන ගමන පැහැදිලිවම දැනගෙන හිටියා. නමුත් ඒ තොරතුරු ලබා දුන්නේ නෑ.එතකොට මාළිගාවට ප්‍රහාරයක් එල්ල වෙයි කියන එක තියෙනවා ඔළුවේ.

පෙරහැරේ මොකක් හරි වෙයි කියලා මේ අවිනිශ්චිතතාවය පැහැදිලිව තියෙනවා. ඒවාට මුල්විය යුතු ආයතන තියෙනවා.

මහජනතාවගේ සෝදිසි කණ්ඩායම් අවශ්‍යයි. ඔබතුමන්ලා සඳහන් කළා. කිසිම ඒ ගැන සූදානමක් නෑ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More