දේශීය පුවත්

මෙරට දුම්රිය ස්‌ථාන 12ක්‌පෞද්ගලික සමාගමකට ලබා දීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවට දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කර තිබේ.

දුම්රිය ස්‌ථානයන් හි පහසුකම් වැඩිදියුණු කිරීමට හා නවීකරණය කිරීමට යෑයි කියමින් මෙලෙස පුද්ගලික සමාගමකට ලබා දීමට උත්සාහ කරන්නේ කොළඹ කොටුව, මරදාන, රාගම, ගම්පහ, වේයන්ගොඩ, මහනුවර, කුරුණෑගල, මීගමුව, අනුරාධපුර, නානුඔය හා ඇල්ල යන දුම්රිය ස්‌ථාන දොළහ බව සඳහන්ය.

මෙම කටයුත්ත සිදු කරන්නේ නිසි ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව බවත් අමාත්‍යාංශයේ කැමැත්ත පරිදි වසර දොළහකට ගිවිසුම්ගතව මෙම ගනුදෙනුව සිදු කරන බවටද දුම්රිය වෘත්තීය සමිති පවසා තිබේ.

මේ සම්බන්ධව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසා ඇත්තේ දුම්රිය ස්‌ථානවල සනීපාරක්‌ෂක කටයුතු හා පොදු පහසුකම් දියුණු කිරීමට පුද්ගලික ආයතනයක්‌ සමග සාකච්ඡා කරමින් සිටියද ඒ හරහා දුම්රිය ස්‌ථාන පෞද්ගලික සමාගමකට පැවරීමක්‌ කිසිසේත්ම සිදු නොවන බවය.

අර්ජුන රණතුංග වැනි ඇමැතිවරයකු යටතේ එවැනි පුද්ගලීකරණයකට දුම්රිය දෙපාර්තමේන්තුව ලක්‌ නො කරනු ඇතැයි අපගේද විශ්වාසයයි.

දුම්රිය වැනි ජාතික සම්පතක්‌ කෙසේවත් පුද්ගලීකරණයට ප්‍රතිපත්තියක්‌ ලෙස අප සැමදා විරුද්ධය. මෙරට රජයේ ඉඩම් විශාල ප්‍රමාණයක්‌ සතු දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලීකරණය සඳහා මීට පෙර බොහෝ අවස්‌ථාවල උත්සාහ ගැනුනද ඒ සියල්ල අසාර්ථක විය. එපමණක්‌ නොව එවැනි උත්සාහයන් බොහෝවිට කෙලවර වූයේ එසේ උත්සාහ කළ ආණ්‌ඩු පවා පෙරළී යැමෙනි.

දුම්රිය දෙපාර්තමේන්තුව බොහෝ දුරට එදා මෙදාතුර මේ පුද්ගලීකරණයෙන් ආරක්‌ෂා වූයේ එය දෙපාර්තමේන්තු ව්‍යqහයක පැවතීම නිසාය. ප්‍රවාහන අමාත්‍යංශය යටතේම ඇති ලංගමය එදා විනාශයට ගොස්‌ කැබලිවලට කැඩෙද්දී දුම්රිය දෙපාර්තමේන්තුව හැමවිටම ආරක්‌ෂා වූයේ එහි දෙපාර්තමේන්තු ව්‍යqහය නිසාය. එසේම දුම්රිය වෘත්තීය සමිතිවල ශක්‌තිමත් භාවය නිසාය.

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් නිසි ලෙස කළමනාකරණය හා ඒවා රාජ්‍ය ආයතනයක්‌ ලෙසම පවත්වා ගෙන යමින් දියුණු කිරීම පහසුවෙන් කළ හැකි බව අපගේ අදහසයි. එම දෙපාර්තමේන්තුව සතුව ඇති ඉඩම් බොහොමයක්‌ වාණිජමය අතින් විශාල වටිනාකමක්‌ ඇති ඒවා වන්නේ බොහෝදුරට රටේ ප්‍රධාන ස්‌ථාන වල මධ්‍යගතව පිහිටි නිසාය. එම නිසා මේවා නිසි පරිදි නවීකරණය කර ඒවාට අනුබද්ධව ආපන ශාලා, නවාතැන් පොළ ආදිය එම දෙපාර්තමේන්තුව මගින් ඉදිකර පවත්වාගෙන යැම, දැන්වීම් කරණය සඳහා දුම්රිය හා දුම්රිය ස්‌ථාන ලබාදීම, දුම්රිය ඉඩම්වල ගබඩා ඉදිකර කුලියට දීම ආදී විවිධාකාර ක්‍රම මගින් අතිවිශාල ආදායමක්‌ ලබාගත හැකිය. ඒ සඳහා දෙපාර්තමේන්තුවට මුදල් නොමැති නම් රාජ්‍ය බැංකු මගින් දීර්ඝකාලීන ණය ලෙස ලබා ගෙන ඒවා දියුණු කළ හැකිය. එහෙත් මේ සියල්ල දුම්රිය දෙපාර්තමේන්තු ව්‍යqහය තුළ එහි සේවකයන් මගින් කළයුතු බව අපගේ අදහසයි. උදාහරණයක්‌ ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව සතු ආපන ශාලා හෝ භෝජනාගාර සේවා පවතින්නේනම් ඒ මගින් දුම්රිය මගීන්ට පිරිසිදු ආහාර වේලක්‌ සාධාරණ මුදලකට ලබාදීම පවා කළ හැකිය. අසල්වැසි ඉන්දියාවේ පවා මේවා සාර්ථකව ක්‍රියාත්මක වනු දැකිය හැකිය.

ඒ අතරේ ප්‍රවාහන ඇමැතිවරයා යටතේම ඇති මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් 2016 වසරේ සිට රජයට පවරාගත යුතු වූ රියෑදුරු බලපත්‍රය වසර තුනක්‌ තිස්‌සේ රජයට පවරා නොගැනීම තුළ මාසිකව රුපියල් මිලියන සියය බැගින් විදේශ සමාගමකට මහජන මුදල් ලබාදීම සිදුකරනු ලබයි. එසේම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දුෂිත නිලධාරීන් සම්බන්ධව පක්‌ෂ විපක්‌ෂ සියලු දෙනා එකහඬින් උත්තරීතර පාර්ලිමේන්තුවේදී චෝදනා ඉදිරිපත්කර මාස ගණනාවක්‌ ගතවී ඇතත් එහි කිසිදු වෙනසක්‌ සිදු කරන්නට ප්‍රවාහන අමාත්‍යංශය අපොහොසත් වීමත් ඇමැතිවරයා පොරොන්දු වූ පරිදි පරීක්‌ෂණ සිදුකර දූෂිතයන් ඉවත් කරන ආකාරය ගැන රටම බල සිටින බවත් අර්ජුන රණතුංග ඇමැතිවරයා වෙත මේ අවස්‌ථාවේ අපි යළිත් මතක්‌ කර සිටින්නෙමු.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More