දේශීය පුවත්

නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා විසින් කැඳවූ විද්වත් සාකච්ඡාවක දී ඇමතිවරයා විසින් විදේශීය කිරිපිටි සමාගම් විසින් කිරිපිටි වලට නීතිවිරෝධී ෆාම් තෙල් එකතු කිරීම වැළැක්වීම සඳහා නිසි පිය පියවර ගත යුතු බවට අවධාරණය කොට ඇත.

එහිදීී අදහස් දක්වා ඇති සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පනත ක්‍රියාත්මක කිරීම පිළිබඳ වගකීම් දරන වෛද්‍ය ගම්ලත් සඳහන් කොට ඇත්තේ ‘‘කිරිපිටිවවල ෆාම් තෙල් ටිකක් තිබ්බට කමක් නැහැ‘‘ යනුවෙනි. ඒ පිළිබඳව අමාත්‍යවරයා ඉවසීම ප්‍රගුණ කොට ඇතත් විදේශීය කිරිපිටි සමාගම් වල පඩි ලයිස්තුවල නැති නිලධාරීන් ඒ පිළිබඳව මුවින් නොබැන අප්‍රසාදය පළ කළ බව වාර්තා වේ.

ආහාර පනත අනුව ආනයනික කිරිපිටි වල ෆාම් තෙල් දශමයක් හෝ අඩංගු කිරීම වරදකි.ෆාම් තෙල් හරකුන්ගෙන් එන්නේ නැති බැවින් ඒවා ටිකක් හෝ තිබෙනවා නම් ඒ එම සමාගම් විසින් නීති විරෝධීව කිරි මේදය ඉවත් කොට ගෙන ෆාම් තෙල් එකතු කිරීම නිසා බව ප්‍රසිද්ධ කරුණකි.

ඒ අනුව මෙම වෛද්‍ය වරයාට අදාල තනතුර දැරීමට කිසිදු සදාචාරමය හෝ නීතිමය අයිතියක් නැති බව එම රැස්වීම්ට සහභාගීි වූ නිලධාරීන් පවසා ඇත. නොදන්නාකම නිසා එසේ කීවා නම් ඔහු එවැනි තනතුරකට නොසුදුසු පල් මෝඩයෙක් වන බවද ඔවුහු පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More