දේශීය පුවත්

උතුරු නැගෙනහිර ජනවාර්ගික අර්බුදයට ස්ථිර දේශපාලන විසඳුමක් කඩිනමින් ලබාදීම සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයක් යොමුකරන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දෙමළ ජාතික සන්ධාන පිරිවර හමුවේ අද (9) පොරොන්දු වී තිබේ.

මෙරට නිල සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද පස්වරු 2.00ට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයින් හමුවිය.

ඉන්දීය තානාපතිවරයාගේ නිල නිවසේ මිනිත්තු 8 ක පමණ කාලයක් පැවති මෙම සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ධර්මලිංගම් සිද්ධාර්ථන්,එම්.ඒ.සුමන්තිරන්,සෙල්වම් අඩෙයිකලනාදන්,මාවෙයි සේනාධිරාජා යන මහත්වරුන්ද සහභාගී වුහ.

ජනවාර්ගික අර්බුදයට ස්ථිර විසදුම් ගෙන ඒමේ අරමුණින් 1987 ඉන්දු ලංකා ගිවිසුමට අනුකූලව පුළුල් බලතල විමධ්‍යගත කිරීමක් සිදුකර නැති බවත් ඉන්දීය රජයේ මැදිහත්වීම මත නොබෙදුණු එක්සත් ලංකාවක් තුළ වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල දේශපාලන විසඳුමක් ජාතික ගැටළුවට ස්ථීර විසදුමක් වශයෙන් ලබාදිය යුතු බවත් දෙමළ ජාතික සන්ධානය ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබිණි.

තමන් ඒ බව දන්නා බවත් දේශපාලන විසඳුම් ගෙන ඒම වෙනුවෙන් තමන් දැඩි අවධානයකින් යුතුව කටයුතු කරන බවත් ඒ සම්බන්ධයෙන් අදාළ පියවර ගන්නා බවත් මෝදි මහතා දෙමළ ජාතික සන්ධානයට මෙහිදී පොරොන්දු වී තිබේ.

එමෙන්ම පලාලි ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපළක් වශයෙන් නවීකරණය කර ඉන්දියාව හා පලාලි අතර ගුවන් සේවයක් අරඹන ලෙසට දෙමළ ජාතික සන්ධානය කරන ලද ඉල්ලීම කෙරෙහි ද අවධානය යොමු කරන බවද මෝදි මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.

මීට අමතරව උතුරේ ජාතික ගැටළුව ඇතුළු දෙමළ ජනතාවගේ ගැටළු හා ශ්‍රී ලංකාවේ තත්වය සම්බන්ධයෙන් නව දිල්ලියේ දී හමුවී සාකච්ඡා කළයුතු බවට දෙමළ ජාතික සන්ධානය මෙහිදී ඉන්දීය අගමැතිවරයා හමුවේ අවධාරණය කර ඇත.

දෙමළ ජාතික සන්ධානයේ එම ඉල්ලීම පිළිගනිමින් ඒ සඳහා කඩිනමින් අවස්ථාවක් සලසා දෙන බවට ඉන්දීය අගමැතිවරයා මෙහිදී පොරොන්දු වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More