දේශීය පුවත්

මෝදි පිළිගත් ජනපති

June 9, 2019 4:07 pm | Lanka Lead News

දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විය.

දහවල් 12.15 ට එම උත්සවය ආරම්භ විය.

පාස්කු ඉරු දින ප්‍රහාර මාලාවෙන් අනතුරුව මෙරටට පැමිණි පළමු රාජ්‍ය නායකයා බවට පත්වන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (09) පෙරවරුවේ දිවයිනට ළඟා වුණි.

සිය දෙවන පදවි ප්‍රාප්තියෙන් අනතුරුව සිදුකරන පළමු රාජ්‍ය සංචාරය ලෙස මාලදිවයිනේ සංචාරයක නිරත වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම සංචාරය අවසන් කරමින් මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඒ අනුව නරේන්ද්‍ර මෝදි මහතා රැගත් ඉන්දීය ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානය අද පෙරවරු 11.00ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට ළඟා විය.

එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා‍ ඇතුළු රජයේ මැති ඇමතිවරුන් පිරිසක් විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා උණුසුම්ව පිළිගෙන තිබේ.

අද දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වු පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර නිල හමුව පැවැත් විය.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නියොජිතයින් සමඟ සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරට වෙසෙන ඉන්දීය ප්‍රජාව හමුවීමට ද නියමිතව තිබේ.

අද පස්වරු 3ට සිය ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් නරේන්ද්‍ර මෝදි මහතා සහ දූත පිරිස ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව වන තුන්වන අවස්ථාව මෙය වන අතර ඔහුගේ දෙවන පදවි ප්‍රාප්තියෙන් අනතුරුව මෙරටට පැමිණි පළමු අවස්ථාව මෙයයි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More