දේශීය පුවත්

දරු ප‍්‍රසූතියෙන් පසු කාන්තාවන් වඳභාවයට පත්කළැයි චෝදනා ලත් මොහොමඩ් සාෆි විශේෂඥ වෛද්‍යවරයාට දැඩි දඬුවම් ලබාදෙන්නැයි ද, ඔහුව ආරක්‍ෂා කිරිමට ක‍්‍රියා කරන සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහිව දනීතිමය පියවර ගන්නැයි ඉල්ලා ඇඹිලිපිටිය නගරයේ අද (9) විරෝධතාවක් සහ විරෝධතා පෙළපාළියක් පැවැත්විණි.

දේශයේ උතුම් මව්වරුන්ට සාෆි කළ අපරාධයට ජනතා ශාපය ‘ඇඹිලිපිටියේ මාතාවෝ’ යනුවෙන් සදහන් බැනරයක් පෙරටු කරගෙන කලූකොඩි අතැතිව කාන්තාවන් පිරිසක් පෙළපාළියේ පෙරමුණේ ගමන් කළේය.

ඇඹිලිපිටිය නගරයෙන් ආරම්භ කළ පෙළපාළිය නව නගරයේ සතිපොළ දක්වා පැමිණියේය. එකසිය පනහත් දෙසියත් අතර පිරිසක් ඊට එක්ව සිටියහ. සාෆි වෛද්‍යවරයාගේ සහ රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ අනුරූ ද පෙළපාලියේ රැගෙන යනු දැකගත හැකිවිය.

පෙළපාළිය අවසානයේ සාෆි වෛiවරයාගේ අනුරුවේ ගෙලට තොණ්ඩුවක් දා විදුලි කණුවක එල්ලනු ලැබීය. රාජිත සේනාරතන ඇමතිවරයාගේ අනුරුවට පොලූවලින් සහ පොල් හනසුවලින් පහරදී පසුව ගිනි තබනු ලැබීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More