දේශීය පුවත්

ගම්පහ ප්‍රදේශයේ විහාරස්ථාන වලට යෑම තමන්ට තහනම් කලේ ඇයිදැයි නොදන්නා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

මාතර පැවති සමෘද්ධි ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“මම පත්තරේකින් දැක්කා ගම්පහ දිස්ත්‍රික්කයේ පන්සල්වලට යන එක මට තහනම් කරලා කියලා.

මට හිතුණෙ මං කරපු මොන වරදටද කියලා.

මොකද ගම්පහ දිස්ත්‍රික්කයේත් මේ වන විට බෞද්ධ විහාරස්ථාන 378ක් සඳහා මම මිලියන 208ක වැඩ කරගෙන යනවා.

ලංකාව ආගම්, ජාති කුල භේදයකින් තොරව දියුණු කරනවා. අභියෝගයන්ට මුහුණ දෙමින් කටයුතු කරනවා.

මේ අපි යන ගමනට ඊර්ෂ්‍යා කරන මාධ්‍ය ඉන්නවා. දේශපාලන පක්ෂ ඉන්නවා.

සමහරු රට තුළ යළි කළු ජූලියක් ඇති කරන්න උත්සාහ කරනවා.

නමුත් මේ රටේ මුදල් ඇමති ලෙස මම ඔබලාගෙන් බැගෑපත්ව ඉල්ලන්නේ දරුවන්ගේ නාමයෙන් යළි එවැනි තත්ත්වයක් උදා කරන්න එපා.

රටේ සියලු ජාතීන් ශ්‍රී ලාංකිකයන් ලෙස එකතුවෙලා, ශ්‍රී ලාංකික මානසිකත්වයක් එක්ක එකතු වෙලා එක රටක් විදිහට වැඩ කළොත් විතරමයි මේ රට අපිට ගොඩගන්න පුලුවන්. අපි ගොඩ ගන්නවා.” යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More