දේශීය පුවත්

බෙලිඅත්තේ පල්ලත්තර විසූ දිසානායක ගුරුගමගේ සාදිරිස්හාමි සහ වන්නිආරච්චි කංකානම්ගේ ගිමාරාහාමි දම්පතීන්ගේ පුත්රුවනක් ලෙස 1924 දී උපන් පින්වත් කුමරුවා ‘සිරිදාස’ නම් විය. කුඩා කළ හැදී වැඩෙත්ම පල්ලත්තර විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය. අහංගම ධර්මාරාම විදුහලෙන්ද අධ්‍යාපනය ලැබූ එම කුමරුවා 1937 දී මුල්කිරිගල රජ මහා විහාර පරිවේණාධිපතිව වැඩ විසූ කොටවිල සිරිසුමන නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට පත් විය.

සිය ගුරුදේවයන් වෙතින් මූලික අධ්‍යාපනයත් මුල්කිරිගල පිරිවෙනින් පිරිවෙන් අධ්‍යාපනයත් ලබා මල්වතු මහා විහාරයේදී අධිසිල් ලැබූහ.

1944 දී පමණ කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළත් වූ උන්වහන්සේ ප්‍රාචීණ පණ්ඩිත විභාගයෙන් සමත් වූහ.

අනතුරුව හෝමාගම විද්‍යාවර්ධන පිරිවෙනේ ආචාර්යවරයකු ලෙස සේවයට එක් වූ උන්වහන්සේ පොළොන්නරුව පලුගස්දමන මහා විද්‍යාලයේ ධර්මාචාර්යවරයෙකු ලෙස සේවයට එක් වූහ.

1963 දී විද්‍යාලංකාර සරසවියට ඇතුළත්ව ශාස්ත්‍රවේදී උපාධිය සමත් වූ උන්වහන්සේ ගාල්ලේ මීපාවල මහා විද්‍යාලයේ සේවයට එක් වූහ. අනතුරුව ගාල්ලේ මහින්ද විද්‍යාලයේ ධර්මාචාර්යවරයෙකු ලෙසද සේවය කළ උන්වහන්සේ 1982 ඉසුඹු ලැබූහ. ගාල්ල මලිගස්පේ සුභද්‍රාරාමාධිපති ධුරයට 1972 දී පත්වූහ.

කුඹල්වැල්ලේ රේවත පිරිවෙනෙහි පරිවේණාධිපති ලෙසද වසර කීපයක් සේවය කළ උන්වහන්සේ රත්මලාන පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයේ විදුහල්පති ධුරයට පත් වූහ. පල්ලත්තර සුමනජෝති හාමුදුරුවෝ මල්වතු මහා විහාර පාර්ශ්වයේ දක්‍ෂිණ ලංකාව් උපප්‍රධාන සංඝනායක ධුරයෙන් 1983 දී සහ 1997 දී උපාධ්‍යාය පදවියෙන් ද 2007 දී දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් ද පිදුම් ලැබූහ.

1950 දශකයේ සිට ගුවන්විදුලි ධර්ම දේශකයන් වහන්සේ නමක් ලෙස ගෞරවාදරයට පාත්‍ර වූ උන්වහන්සේ ත්‍රිපිටක පෙළ අටුවා පාඨයන් ඉදිරිපත් කරමින් ගැඹුරු කටහඬින් තැන්පත් වියත් ධර්මදේශනා විලාශයෙන් දහම් දෙසුමෙහි සමත් වූහ.

භාෂා සාහිත්‍යයේ මෙන්ම ධර්ම සාහිත්‍යයේත් වර්ධනය සඳහා සිංහල හා පාලිභාෂා දෙකෙන් පොත්පත් රැසක් ලියා ඇති උන්වහන්සේ ග්‍රන්ථ කර්තෘන් වහන්සේ නමක්ද වේ.

ඉන්දියාව, රුසියාව, එංගලන්තය, ඇමරිකාව, ප්‍රංශය, කැනඩාව, බෙල්ජියම, ජර්මනිය, ජපානය, කොරියාව, තායිවානය, ඉන්දුනීසියාව, මැලේසියාව, ආදී බොහෝ රටවලට වැඩම කර ඇති පල්ලත්තර සුමනජෝති නායක හාමුදුරුවෝ ආදර්ශවත් සංඝ පීතෘන් වහන්සේ නමකි.

රාජකීය පණ්ඩිත උපාධිය මෙන්ම ග්‍රන්ථ විශාරද උපාධියද ගෞරව ශාස්ත්‍රවේදී උපාධියද ලබමින් ශාස්ත්‍රීය ග්‍රන්ථ කරණයෙහි යෙදෙමින් ඉමහත් ධර්ම ශාස්ත්‍රීය මෙහෙයක් සිදු කරමින් පිරිවෙන් මෙන්ම පාසල් අධ්‍යාපනයෙහිද ආචාර්යවරයෙකු ලෙස කරන ලද සුවිශාල මෙහෙයත්, සම්බුදු සසුන වෙනුවෙන් කරන ලද උදාර මෙහෙයත් අගය කරමින් රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට පත්කරලීමත්, බුරුම රජයෙන් ප්‍රදානය කරන ලද අග්ගමහා පණ්ඩිත උපාධියෙන් ද පිදුම් ලැබූ පල්ලත්තර සුමනජෝති නායක හාමුදුරුවෝ මහා සඟරුවනේත් මහ ජනතාවගේත් මහත් ගෞරවයට පාත්‍රව වැඩ විසූ මහ තෙර නමකි.

නායක හාමුදුරුවන්ගේ සසර ගමන සුවපත් වේවා…!!!
උතුම් නිවන් සුවයෙන් සැනසීම ලැබේවා…!!!



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More