දේශීය පුවත්

වසර නවයක් පමණ මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ ස්ථාපිතව පැවැති නාවික හමුදා අනුඛණ්ඩ කඳවුරක් හිටපු කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ ඉල්ලීමකට අනුව ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. 2010 වසරේදී විල්පත්තුව රක්ෂිතයේ ආරක්ෂාවට මන්නාරම ‘‘බරණ’’ නාවික විධාන මූලස්ථානයට අනුයුක්තව වියාඩුකුලම් නාවික අනුඛණ්ඩය ස්ථාපිත කළේය.

කඳවුර පිහිටෙව්වේ 2010 එම ප්‍රදේශයෙත් පදිංචි කිරීමේ සැලසුමක් මීට මාස පහකට පෙර සිලාවතුරේ පැවැති රැස්වීමකදී ඇමැතිවරයා පවසා ඇත්තේ එම කඳවුර ඉවත් කර එහි ඇති ඉඩම් සිවිල් ජනතාවට ලබා දෙන ලෙසටය. අදාළ කඳවුර ස්ථාපිත කර ඇත්තේ සිවිල් වැසියන් පදිංචි ස්ථානයේ සිට කිලෝමීටර් පනහක් පමණ දුරින් වන අතර නාවික සෙබළුන් එම ප්‍රදේශයේ වගුරුබිම් කුඹුරු බවට පත්කර දේශීය වී වගා කරන බව වාර්තා වේ. එසේ අස්වැද්දූ කුඹුරු අක්කර 25ක් පමණ ඇති අතර එම වගා බිම්ද සිවිල්වැසියන්ට ලබාදෙන ලෙසට බදියුදීන් මහතා පවසා ඇත. අදාළ වගා බිම් යල මහ දෙකන්නයම වියාඩුවැව යටතේ වගා කරයි.

මේ සම්බන්ධයෙන් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඉසුරු සූරිය බණ්ඩාරගෙන් කරන ලද විමසුමකදී ඔහු පැවසුවේ අදාළ නාවික අනුඛණ්ඩය ස්ථාපිත කළේ විල්පත්තුවේ ආරක්ෂාවට නොව දේශීය සහල් වගාකිරීමේ ව්‍යාපෘතියක් සඳහා බවයි. ඒ අනුව එහි අක්කර එක හමාරක පමණ ප්‍රමාණයක දේශීය වී වගා කරන අතර එහි සෙබළුන් 25කට වඩා වැඩියෙන් ඒ සඳහා යොදවා ඇති නිසා එය ඉවත් කරන බව සූරියබණ්ඩාර මහතා සඳහන් කර ඇත. එම භූමිය වනජීවී දෙපාර්තමේන්තුවට අයත් බැවින් අදාළ අංශයට භූමිය භාර දෙන බවත් කඳවුර ඉවත් කරනු ලබන්නේ කිසිවකුගේ ඉල්ලීමකට නොවන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

අරුණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More