දේශීය පුවත්

ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් ජාතිය යනු සුළු ජාතයක් වුවද ලෝකයේ මුස්ලිම් ජාතීන් බහුතරය නියෝජනය කරන ජාතියක් බව හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා ඊයේ (07) කාත්තන්කුඩි ප්‍රදේශයේ පල්ලියකදී මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පසුගිය සමයේ රට තුළ උත්ගත වූ තත්ත්වය හේතුවෙන් මේ වන විට ලාංකික ධනවත් පවුල් 7000ක් පමණ රට හැර යාමට පියවර ගෙන ඇති බවයි.

එසේම පාස්කු ඉරිදා සිදුවු ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මුස්ලිම් වැසියන් 2000ක් පමණ මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 125ක පමණ පිරිසක් ඊට සම්බන්ධ නමුත් අනෙක් පිරිස අහිංසක මුස්ලිම් ජනයා වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ අත්අඩංගුවට ගැනීම් වලදී කුරානය, ඉස්ලාම් පාඨයන් ආදිය පවා ළඟ තබාගත් පුද්ගලයන් අත්අඩංගුවට ගත් නමුත් මුස්ලිම් ප්‍රජාවගේ වෙළඳසැල්, නිවාස විනාශ කර ගැටුම් ඇති කළ පුද්ගලයන් නිදහස් කර ඇති බවටත් ඔහු එහිදී චෝදනා එල්ල කළේය.

මුස්ලිම් මැති ඇමතිවරුන් ත්‍රස්ත ක්‍රියා සමඟ සම්බන්ධ බවට චෝදනා එල්ල කළද ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා කිසිදු මුස්ලිම් ඇමතිවරයෙතු ඊට සම්බන්ධ බවට සාක්ෂි නොමැති බව ප්‍රකාශ කළ බවත් හිස්බුල්ලා මහතා එහිදී කියා සිටියේය.

මුස්ලිම් දේශපාලකයන් අතර ඇති එකමුතුබව සුළු පටු කරුණක් නොවන බවත් තමන් නියෝජනය කරන ප්‍රදේශය මෙන් බහුතර මුස්ලිම් ප්‍රජාවක් සිටින ප්‍රදේශයකින් තමා ඉල්ලා අස්වීම සුළු දෙයක් නමුත් බහුතර සිංහල ප්‍රජාව සිටින ප්‍රදේශවලින් බලයට පත් රවුෆ් රහීම්, කබීර් හෂීම්, හලීම් වැනි ඇමතිවරුන්ගේ ඉල්ලා අස්වීම විශාල ගැටලුවක් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.



3 thoughts on “මුස්ලිම් ජාතිය ලංකාවේ සුළුතරයක් ඒත් ලෝකයේ බහුතරයක්… අපි අතර ඇති එකමුතුබව සුළු පටු කරුණක් නොවෙයි – හිස්බුල්ලා”

  1. “මේ වන විට ලාංකික ධනවත් පවුල් 7000ක් පමණ රට හැර යාමට පියවර ගෙන ඇති බවයි…”

    මොන පිස්සුද? ලංකාවේ මුස්ලිම් අය පිටරට යන්න කැමති නැහැ. ඔවුන් දන්නවා බටහිර රටවල මිනිසුන්ගෙන් ඔවුන්ට තියන විරෝධය. ලංකාවේ වගේ තමන්ට ඕන ඕන හැටියට නටන්න තියා පල්ලියක් හදා ගන්න ගියාම වුනත් බටහිර රටවල මිනිස්සු විරුද්ද වෙන හැටි ඒ අය දන්නවා. ඒ රටවල ජනමාධ්‍ය වලින් ඔවුන්ට අපක්ෂපාතීත්වයක් නොදක්වන බවත් දන්නවා. ඒ හින්දා තමයි බටහිර රටවලට ඉගෙනීම සදහා යන මුස්ලිම් තරුණ අය radicalise වෙලා ආපහු තමන්ගේ රටවලට එන්නේ.

    “ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් ජාතිය යනු සුළු ජාතයක් වුවද ලෝකයේ මුස්ලිම් ජාතීන් බහුතරය නියෝජනය කරන ජාතියක් බව…”

    බදුද්දීනුත් කිවුවා ඒ අය මුස්ලිම් රටවලට, තානාපතීන්ට කතා කරනවා කියලා. මේ අපට වක්‍රාකාරයෙන් තර්ජනය කිරීමක්ද?
    මොවුන්ගේ බොරු වීරකම් වලට බයනැති, ගැති නැති නායකයෙක් කවදා අපට ලැබේවිද? මුස්ලිම් රටවලට ලංකාව සමග චිරාත් කාලයක් තිබෙන සබදතා ලොකුයි මෙවැනි “ආවා ගියෝ ” අන්තවාදී ත්‍රස්තවාදී දේසපාලු නළුවන්ට වඩා! ඒක හංගන්න තමයි ඔය කතා තමන්ගේ චන්ද දායකයන්ට කියන්නේ.
    පුළුවන් නම් ඒ මුස්ලිම් රටවලට කතාකරල ඔය කට්ටියගේ මනාපයෙ හැටියට ලංකාවට තෙල් එන එක නවත්වන්න හරි, වෙන කරන්න පුළුවන් දෙයක් හරි කරන්න කියන්න, අපිටත් ඔය කට්ටියගේ “බලයේ තරම ” බලාගන්න.

  2. “මේ වන විට ලාංකික ධනවත් පවුල් 7000ක් පමණ රට හැර යාමට පියවර ගෙන ඇති බවයි…”

    පවුල් නෙවෙයි තමන්ගේ අයතා මාර්ග වලින් උපයා ගත් සල්ලි, රත්රන් වගේ ඒවා නම් පිට රට යවන්න ට්‍රයි කරනවා ඇති. ඇයි (?ශ්‍රී ලන්කන් එයා ලයින්ස් ) වල උඩින්ම ඉන්නෙත් තමන්ගේ අය නේ.

  3. Dose this guy know that we fought with the most dangerous terrorist group in the world and won?

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More