දේශීය පුවත්

ජනාධිපතිවරණයට පෙර හදිසි මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා ජනාධිපති, විපක්ෂ නායක සහ අගමැතිවරයාද එකඟතාවකට පැමිණ සිටින බව ආණ්ඩුවේ දේශපාලන ආරංචිමාර්ග පැවැසීය.

මේ සඳහා පාර්ලිමේන්තුව විසුරුවිය යුතු අතර ඊට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබිය යුතුය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සියලුදෙනාමත්, ඒ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුද, එක්සත් ජාතික පක්ෂයේ කතෝලික මන්ත්‍රීවරු ඇතුළු පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක්ද මේ සඳහා මේවනවිටත් කැමැත්ත පළකර ඇති බව එම ආරංචි මාර්ග පවසයි.

එම මැතිවරණයේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අගමැති පුටුවේ වැඩ කිරීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුදෙනාම ඒකමතිකව කැමැත්ත පළකර ඇත.

මහ මැතිවරණය අවසන් වී ඉතා කෙටි කාලයක් ඇතුළත ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත අතර එහිදී නිදහස් පක්ෂයේ සහ මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන විය යුතු බවට මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයේ තීරණාත්මක සාකච්ඡාවක් මේ වනවිට ආරම්භ වී තිබේ.

මහින්ද රාජපක්ෂට අගමැතිවීමට සහය දෙන්නේ මෛත්‍රීපාල සිරිසේන නැවත ජනපති අපේක්ෂකත්වයට සහය ලබාදුනහොත් පමණක් බව නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ඒකමතිකව තීරණය වී තිබේ.



3 thoughts on “ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් – ජනපති, විපක්ෂ නායක සහ අගමැති එකඟ වෙයි”

  1. Matanam hithennenaha mewage janaadipathikenek wa aayemath illanne ahawal ehekatada kiyanna….? mohu indala me awurudu 4 1/2 ta kala hariya hondatama athi…wilpaththuwe akkara dasa dahs gananak ratata ahimi unaa..muslim thrastha waadaya bombapupurawana thathwayatama wardanaya unaa..nagena hira muslim rataka anuruwakata samaanawa mewana witath piliyela kara awasan…mahinda mahathaa rate anaagathaya sandahaa saaduwa Hamban thota waraaya, maththala guwan thotupala, wage watinaa aayathana saahena pramanayak dennama ekathuwela wikka…eeta wadaa maha bankuwata amuwenma keliya…mun okkoma ekathuwela thamai me hama deyak ma kale…katawath atha pihadaganna baha, mama danne naha, dakke naha kiyala, eawage ekek aayemath mona kehel malakata da…?

  2. මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිවීමට කාගේවත් සහයක් ඕන නෑ .

    මෛත්‍රීපාල ජනාධිපති එක්ක නැවත ගෑවුනොත්, ඒවගේම අර ඉල්ලා අස්වෙච්ච මුස්ලිම් මන්ත්‍රී සෙට් එක එක්ක ඩීල් දැම්මොත් මහජනයා මහින්ද රාජපක්ෂටත් කැමති වෙන එකක් නෑ. තමන්ගේ කුණු අනික් පැත්තෙත් ගාවන්න තමයි ආණ්ඩුව ඔය හදන්නේ. ඒකට තමයි විපක්ෂයට (මහින්දට පක්ෂපාතී විපක්ෂයට) clear win එකක් තියන ජනාධිපතිවරණයකට ඉස්සෙල්ල, සාපේක්ෂව වඩා සංකීර්ණ මහ මැතිවරණයකට යන්න හදන්නේ.
    ඔය ගුණ්ඩුව කලින් තියාම හිතේ තියාගන තමයි “සමුර්දි ලාභීන්ගේ උත්සව” කිය කියා මෙච්චර දවස් රට වටේ “චන්ද රැස්වීම්” තියලා තමන්ගේ කුණු හෝදගන්න බොරු ප්‍රචාර කලේ. “සමුර්දි ලාභීන්ගේ උත්සව” වලට අච්චර ආණ්ඩුවේ සල්ලි වෙන්කලෙත් ඕකටමයි.
    ජනාධිපති, අගමැති, ජේ වී පී ඔක්කොමල්ලා එක එක හේතු (සමුර්දි උත්සව, පක්ෂ රැස්වීම්..) කියමින් රට වටේ ගියේ ඔය විදියට snap election එකක් call කරන බව කලින්ම දන්නා හින්දයි කියල අපටත් දැනුන. ඔය කට්ටිය ඔක්කොම එක වල්ලේ පොල්.

    මයිත්රීපාල ජනාධිපති ආණ්ඩුවක ඉන්න කම් අපට ඉන්දියානු ආක්‍රමණකාරීත්වයෙන් බේරෙන්න බෑ. එයා එක්ක එකගතාවයකට එන්න නම් ඊට ඉස්සර ඉන්දියාව එක්ක ගැහුව අර වරාය නැගෙනහිර පර්යන්තය මුලික ගිවිසුම අහෝසි කරන්න කියල එයාට කියන්න බැරිද? හිරකරගෙන ඉන්න බුද්දි අංශ නිලධාරීන් නිදහස් කරන්න කියල කියන්න බැරිද? රිෂාඩ් බද්යුද්දීන් අයතා විදියට සල්ලි රැස්කරගත්තා කියන “සාපේක්ෂ වශයෙන් සුළු” චෝදනාවටවත් අත්අඩංගුවට ගන්න කියලා කියන්න බැරිද? රටේ ජනතාවගේ අප්‍රසාදයක් ඇති බැවින් රටට මේ වෙනකොට ඇතුල්වෙලා ඉන්න ඇමරිකානු ආරක්ෂක අංශ නිලධාරීන්ට ආපසු යන්න (අඩු ගණනේ මැතිවරණයට කලින්) කියන්න බැරිද? එයාගේ පැත්තෙන් weight එකක් තියන කිසිම දෙයක් එයා නොකරද්දී මයිත්රීපාල ජනාධිපතිව විශ්වාසයට ගන්නේ ඇයි?

    අර දවස් (?51) ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මහතා එක්ක මයිත්රීපාල ජනාධිපති පිහිටෙව්වෙත් බොරුවට කියල තමයි අපට නම් හිතෙන්නේ. මයිත්රීපාල ජනාධිපති තවත් “ජනාධිපති සිහිනයකට” හොරගල් අහුලන්නෙක්. ඒ වගේ අය විශ්වාස කරන එක අගතිගාමී තීරණයක්.
    මහ මැතිවරණයකදී මිනිසුන් නොමග යවන්න තියන ඉඩකඩ වැඩියි. ඒ සදහා ආණ්ඩුවට පිටරට “මනෝ විද්‍යා උපදේශකයින්ගේ” උපදෙසුත් ලැබේවි.
    උදාහරණයක් විදියට මෙහෙම හිතන්න. මහින්දට පක්ෂපාතී විපක්ෂයේ අය කිවුවා “ජනතා විමුක්ති පෙරමුණෙන් ආණ්ඩුවට විරුද්දව ගේන විස්වාස භංගයකට සහය දෙනවා” කියල. එතකොට පාර්ලිමේන්තුවේ මේතාක් සිදුවුන සේරම ජවනිකා නොදන්නා (විශේෂයෙන් තමන්ගේ ලෙඩදුක් රෝගාබාධ සහ ආර්ථික ප්‍රශ්න වලින් වෙලී ඉන්න, පත්තර බලන්න තියා ඒ ගැන හිතන්නවත් වෙලාවක් නැති පිට පළාත් වල මහජනයා ) හෝ ඒවා එතරම් මතක තියා නොගෙන සිටින මිනිස්සු හිතනවා මේ මහින්දලා දැන් ජනතා විමුක්ති පෙරමුණ සමග අත්වැල් බැදගෙන කියලා. හරිනම් කියන්න ඕන “කවුරු ගෙනාවත් අපි ආණ්ඩුවට විරුද්දව ගේන විස්වාස භංගයකට සහය දෙනවා” කියල. එතකොට ඒ කියමනට අර කපටි හිවල් ජාති ද්‍රෝහී ජනතා විමුක්ති පෙරමුණේ නමවත් ගාවගෙන නෑ. ඕව සියුම් මනෝ විද්‍යාත්මක කාරණා. ජේ වී පි ය, ආණ්ඩුව නම් ඕවා හොදට දන්නවා.
    මහ මැතිවරණයකට වියදම් කරන්න ඕන තරම් අරාබි සල්ලි තියනවා. ඒ සල්ලි වියදම් කරලා මූණු පොතේ “ජන මත” හදන හැටි ගැන ආණ්ඩුවට උපදෙස් දෙන්න විදේශික බලවේග ඉන්නවා.
    ජනාධිපතිවරණයකට වඩා මහ මැතිවරණයක chaos එක වැඩියි. බෙදීමේ clear lines නැහැ.

    දැනටමත් බලන්න, සාමාන්‍ය මහජනයා නොමග යවන විදියේ “සමාන නම්” ආණ්ඩුවේ කපටි දේසපාලුවන් ඒ අයගේ කණ්ඩායම් වලට දාගෙන තියනවද කියලා. උදාහරණයක් විදියට (?ගෝඨභය)ගේ “වියත් මග” ට සමාන නමක් චම්පික රණවක “ජාතික මග ” කියලා දාගෙන ඉන්නවා. ඒ ඇයි?
    තමන්ගේ ප්‍රශ්න වලින් දැවෙන මිනිසුන්ට ඕව බෙදා වෙන්කරලා මතක තියනවද? 2015 ජනාධිපතිවරනයේදීත් මේවගේ නොමග යැවීම් (උදා : ශ්‍රී නි ප ය තමන් කැඩීගිය ශ්‍රී නි ප පොහොට්ටුව කණ්ඩායම නියෝජනය කරනවා යයි පෙන්වීම වැනි ) වුනා කියල වාර්තා වුනා මතකයි. මෙවර මහ මැතිවරණයකදී ඊටත් වඩා නොමග යැවීම් කරාවි. අන්තිම මොහොතේදී අරය මෙයා එක්ක එකතුයි කියලා අමු අමුවේ බොරු ප්‍රචාර කරයි. චන්ද ගණන් කිරීමේදී මැකෝ එක්ක එකතු වෙලා (මැකෝ පක්ෂග්‍රහී කෙනෙක් කියලා පසුගිය මැතිවරණ වලදී පෙනුන) අමු අමුවේ ප්‍රෝඩා කරයි. දිනුවට පස්සේ ඒවා එලිවුනාට මේ ආණ්ඩුවට කමක් නෑ.
    මහ මැතිවරණයකට පස්සේ දැනට තියන මහජන මතය දියාරු වෙලා යන්න පුලුවන්.
    ඒ අපේ රටේ මිනිස්සුන්ගේ හැටි ! වස විස කාල කාල දැන් තරුණ පරම්පරාවටත් attention deficiency එකක් තියනවා. හරි ඉක්මනට ” බුකියේ ” ප්‍රචාරය වන බොරු වලට රැවටෙනවා. යමක් කෙටියෙන්, ඉක්මනට, නිවැරදිව තෝර බේරා ගන්න ඒ අයට අමාරු බව පේනවා-විශේෂයෙන් choices වැඩි ගානක් අතරින් තෝර ගන්න වුනාම ඒ අයට අමාරුයි.

    කල යුතු දේ නම්, මේ අවස්ථාවේ ඇති උද්වේගවත් මහජන මතය උපරිම ප්‍රයෝජනයට අරගෙන, දුර්වල කල ව්‍යවස්ථාව නැවත අවශ්‍ය පරිදි සංසෝධනයට සහ පිටරටවල් සමග අත්සන් කල අප රටට අහිතකර ගිවිසුම් අහෝසි කිරීමට සහ එවැනි ගිවිසුම් මතුවට ඇති නොවීමට ව්‍යවස්ථාමය නීති සංසෝධනයක් ගෙන ඒමට කොන්ද පන ඇති නායකයකු ජනාධිපතිවරණයට ගෙන ඒම සහ ඔහුට එම ඉහත කාරණා සදහා ජනවරමක් ඉල්වීමයි.

    මහ මැතිවරණයක් පළමුව ගෙනල්ලා කරන්න හදන්නේ දැනට එකතුවෙලා ඉන්න පිරිසත් එමගින් නැවත බෙදා වෙන් කරලා, ආණ්ඩුවේ කුණු ඒ අය සමග තාවකාලිකව හරි එකතු වෙන අනික් අය මතත් තවරලා ජනතාවට හැමෝම එපා කරවන්නත් (ඒ හින්දනේ දැන්ම ඉදන්ම “ජනතාවට 225 ම එපාවෙලා” වගේ “මනෝ විද්‍යා වැකි ” උපක්‍රම භාවිතා කරන්නේ) , ඒ සියල්ලම කුළුගැන්වීම මගින් සේරමටත් වඩා දැන් තියන ආණ්ඩුවට විරුද්ද ජනතා උද්යෝගය දියාරු කරලා දාන්නයි.
    තමන්ට අවාසි වෙන කිසි දේකට රනිල් (සහ ඔහුගේ බටහිර ගැති සගයන් + බටහිර විදේශීය බලවේග) කැමති වෙන්නේ නැහැ. තමන්ට හොද චාන්ස් එකක් තියෙන්නේ මහා මැතිවරණයක් පළමුව තිබීමෙන් බව ඔවුන් දන්නවා. (ඇත්තටම නම් මහින්දලා හිතන තරම් ඒ චාන්ස් එක සුළු නෑ. මොකද රනිල්ට උපදෙස් දෙන අයගේ පෙටිටි වල මැජික් ගොඩක් තියනවා. අරාබි සල්ලි ගසුත් එකතු වුනාම ඒ මැජික් පරද්දන්න අමාරුයි).
    මතකයිනේ මයිත්‍රීපාල සිරිසේන “මට වෙනස් කම් කරනවා” කියල අඩ අඩා මුලින්ම ජනාධිපතිවරණයට ආවම එයාව අවතක්සේරු කළා? ඒ ගහපු ගැටේ ලිහන්න මේ චාන්ස් එක විතරයි මහින්දට තියෙන්නේ. ඒ හින්ද අපි ඔහුට කියනවා අන්තනෝමතික තීරණ ගන්නේ නැතිව විමල් වීරවංශලා, ගම්මන්පිලලා , ඒ වගේම චන්ද අනුපාත ගැන හොද විග්‍රහයක්/විමර්ශනාත්මක විශ්ලේෂණයක් කල වෛද්‍ය වසන්ත බණ්ඩාර වැනි උගතුන්ගේද මතය විමසන්න කියලා.

    කොටින්ම කිවුවොත් දවල් වැටිච්ච වලේ රෑ වැටෙන්නේ ඇයි? රටේ බුද්දිමතුන් මේ ගැන නිහඩ ඇයි?

  3. රටේ දැනට පවතින තත්වය යටතේ ජනාධිපතිවරණයක් වෙනුවට පළමුව මහ මැතිවරණයක් පැවැත්වීමේ අවදානම ගැන වැඩි දුරටත් කරුණු දැක්වීමට කැමැත්තෙමු. ඒ වෙනුවට අවම අවදානමකින් මහින්ද ප්‍රමුඛ පාර්ශවයට ජනාධිපතිවරණය දිනන ක්‍රමයක් ගැනද අපට වැටහෙන නුවණේ තරමින් කියන්නෙමු.

    මහ මැතිවරණයක් පැවැත්වීමේදී ඒ ඒ අපේක්ෂකයන් පමණක් නොව පක්ෂ නායකයන්ද රැස්වීම් වේදිකාවල සිටිය යුතුය. අවශ්‍ය නම්, අන්තවාදීන් සහ අනිකුත් අපරාධ පාර්ශව මෙය හොද දඩයම් බිමක් කරගැනීම නොවැලැක්විය හැකි දෙයකි. “හාල්මැස්සන්” ඇල්ලුවාට “තෝරු මෝරුන්” තවම නිදැල්ලේ බව පසුගිය දින වලදීද සදහන් වුනි. කදවුරු වල පුහුණුවීම් කල අන්තවාදීන් සංඛ්‍යාව දෙස බැලුව විටද සෑහෙන පිරිසක් අවශ්‍ය විට එලියට ඒමට සුදානම් බව සිතිය නොහැකි නොවේ. පුපුරන ද්‍රව්‍ය ඇතිව හෝ නැතිව ට්‍රක් රථයක් වැනි ලොකු වාහනයකින් සෙනගක් එකට පොදි වී ඇති තැනකට කඩා වැදුනොත් ඇතිවන තත්වය සිත ගත හැක.
    තවත් මතක් කල යුතු වන්නේ තානාපති මුක්තිය ලබන විදේශීය “කොන්ත්‍රාත් කරුවන්”ගේ “ඇත්ත” කාර්ය භාරය කුමක්ද ඔවුන් කොපමණ සංඛ්‍යාවක් දැනටමත් රටතුල සිටීදැයි කිසිවෙකුත් නොදන්නා බවයි. මෙහිදී “ජයික් හිල්ටන්”හිදී සිදුවූ දෑ අපට අමතක කල නොහැක.
    රටේ විද්වතුන්ගේ කෙතරම් විරුද්දතාවක් නැගුනද අගමැති තවමත් “ප්‍රති ත්‍රස්ත” පනත “ගෝලීය ත්‍රස්තවාදයට” විරුද්දව ගෙන ආ යුතු බව පවසමින් රට වටා රැස්වීම් පවත්වයි. ඇමරිකාවට අවශ්‍ය ඉතිරි හරිය කර ගැනීමට ඔවුන් කුමන හෝ භයානක ක්‍රියා මාර්ගයක් ගනු ඇත. මේ සදහා අන්තවාදීන් සහ අපරාධ කරුවන් පමණක් නොව සමහර විට ඩොලර් වලට ගැති අනෙකුත් පාර්ශවද යොදා ගැනීමට ඉඩකඩ ඇත. හමුදාවේ හෝ පොලීසියේම සමහර සිත්පිත් නැත්තන් මේවාට යොමු වී නැති යයි කාටනම් කිව හැකිද?
    මේ අතර ඇමති චම්පික රණවක මාද්‍ය නිදහස සීමා කිරීමේ ඉගියක්ද කර ඇත. ඒ ආණ්ඩු පක්ෂයේ වැරදි වසා ගැනීමටමද? ඔවුන්ගේ වැරදි තව තව එලිවීමෙන් ඇතිවන අමුතු චන්ද නැතිවීමක් අපට නොපෙනේ. එසේ නම් මෙය ඉදිරි මැතිවරණ කාලයකදී ඇතිවන/ඇතිවන්නට ඇති ව්‍යසනයක් තුල සත්‍ය වාර්තා වීමට ඇති ඉඩකඩ ඇහිරීමටද? පවතින විදේශීය ඇගිලි ගැසීම් මද්‍යයේ අපට කිසිවක් සුළුවෙන් තැකිය නොහැක.

    එසේ නම් මීට අප කුමක් කල යුතුද?

    අපට පෙනෙන ලෙස,
    1) මහින්ද රාජපක්ෂතුමා සහ ඔහු වටා සිටින්නන් එකග විය යුතු වන්නේ පළමුව ජනාධිපතිවරණයක් පැවැත්වීමටය.
    2) පොදු ජනාධිපති අපේක්ෂකයා සදහා කිසිම පක්ෂයක් දැනට නියෝජනය නොකරන කෙනෙකු සිටී නම් එය ඉතා වාසිදායී වනු ඇත. එවිට පුද්ගලයා ගැන වැඩිපුර යමක් නොදන්නා නිසා ( විශේෂයෙන්) විදේශීය බලවේග වල දැවැන්ත “යටින් එන” විරෝධයේ යම් තරමක හෝ අඩුවක් ඇතිවන්නටද පුළුවන. අවශ්‍ය වන්නේ එම පුද්ගලයා බුද්දිමත් කෙනෙකු, විශ්වාසයක් තැබිය හැකි පුද්ගලයකු සහ ඇත්ත වශයෙන්ම රටට හිතැති කෙනෙකු වීමයි. ගෝඨාභය මහතාට ජනාධිපති නොවුනාට ඔහුගේ සේවය රටට ලබාදීමේ අපහසුවක් නැත. ජනාධිපතිවරණයෙන් පසුව එන මහ මැතිවරණයකදී මහින්ද රාජපක්ෂතුමා ප්‍රමුඛ විපක්ෂය අනිවාර්යයෙන්ම බලයට එන බැවින් ඔහුට ඒ සදහා ඉඩකඩ ලැබෙනු ඇත.
    3) මෙම ජනාධිපතිවරණය සදහා කවදාවත්ම නොවුන ක්‍රමයකට චන්ද ව්‍යාපාරය ගෙන යා යුතුය. එනම් කිසිදු චන්ද රැස්වීමක් ප්‍රසිද්දියේ නොපැවැත්විය යුතුය. ඒ සදහා බටහිර රටවල චන්ද කටයුතු සදහා යොදා ගන්නා ලෙස විද්‍යුත් මාද්‍ය , පුවත්පත් , අන්තර්ජාලය පාවිච්චි කල හැක. ඇත්ත වශයෙන්ම අවශ්‍ය වන්නේ පුද්ගලයාගේ නම සහ ඔහුට අදාළ අනුමත (endorse) කිරීම පමණකි. කියන පමණින් රටේ බහුතරයක් ජනතාව මහින්ද රාජපක්ෂතුමා කියන ඕනෑම කෙනෙකුට චන්දය දෙනු ඇත. එසේම මෙවැනි ක්‍රමයක් සිදු කරන්නේ ජනතාවගේම ආරක්ෂාව සදහා බව පැහැදිලි කර දිය යුතුය.
    එවිට අවදානම අවම කර ගන්නා අතරම, අවශ්‍ය වූ විටක ඉතා නිහඩ චන්දයක් පැවැත්විය හැකි බවද ඒ සදහා ජනතාව ගහ මරා ගැනීමට අවශ්‍ය නැති බවද පෙන්වා දිය හැක.

    මහින්ද රාජපක්ෂතුමා ප්‍රමුඛ පාර්ශවයට මෙලෙස ජනාධිපතිවරණයට මුහුණ දීමේ ක්‍රමවේදයක් සකසා ගත හැකිනම් ඉන්පසුව තබන්නට යෙදෙන මහ මැතිවරණයකදී දැනට පෙනෙන්නට තිබෙන තරම් උවදුරක් ඇති නොවනු ඇත. පත්වන නව ජනාධිපතිතුමාට අවශ්‍ය පරිදි අවංක, පළපුරුදු , විශ්වාසනීය හමුදා, බුද්දි නිලධාරීන් යොදවා ඒ සදහා සුදුසු පරිසරය සකස් කරගන්නට වඩාත් ඉඩකඩ ලැබෙනු ඇති බැවිනි.

    ඒ අතරම සදහන් කලයුතු වන්නේ පළමුව මහ මැතිවරණයක් පැවැත්වීමේදී යම්කිසි ව්‍යසනයක් චන්ද රැස්වීමකදී සිදුවුවහොත් (මහ මැතිවරණයකදී මෙසේ මාද්‍ය මගින් පමණක් ප්‍රචාරණ කටයුතු කිරීමට නම් ඒ සදහා සෑහෙන කල් ඇතිව කරන සුදානමක් සහ ඊට උචිත ක්‍රමවේදයක් අවශ්‍යය) මහ ජනයා බිය වැද්දීම තුලින් එම මැතිවරණයේ ප්‍රතිපල ඊට අනුකුලව සදොස් විය හැක. එවිට රටතුල මහත් නොසන්සුන්කාරී, ව්‍යාකුල තත්වයක්ද උද්ගත වනු ඇත. තවද එවැනි තත්වයක් යටතේ අපගේ ආරක්ෂාවට යයි කියමින් විදේශීය හමුදා රට තුලට වැද ගත හැක. දැනටමත් එවැනි උපායමාර්ග විදේශීය “අදිසි හස්ත” මගින් නිර්මාණය නොකර ඇති යයි කාට කිව හැකිද? එවැන්නක් සිදුවුවහොත් ඉන්පසුව තබන්නට යෙදෙන ජනාධිපතිවරණයද “පුස්සක්”ම වනු ඇත.

    ***අපගේ මේ යෝජනා සහ අදහස් මහින්ද රාජපක්ෂතුමා ප්‍රමුඛ පාර්ශවයටම (උදය ගම්මන්පිල, විමල් වීරවංශ ආදී දේශ ප්‍රේමීන්ට ) පමණි.***

    **** මේ ලියමන මෙම වෙබ් අඩවියේ ප්‍රසිද්ද නොකරනමෙන් ඉල්වමි . යොමු කරන්න අවශ්‍ය පුද්ගලයන්ට (ලියමනේ දක්වා ඇති පරිදි) පමණක් යොමු වුනාම ඇති.****

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More