දේශීය පුවත්

තම දෙවැනි නිල කාලයේ පළමු විදෙස් සංචාරය අරඹමින් පැය 4ක සංචාරයක් සඳහා ලංකාවට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පරිවාර ඇමැති ලෙස එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පත්කිරීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ දැඩි  කැළඹීමක් ඇති වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන විසින් මෙම පත් කිරීම සිදු කිරීමත් සමග එජාපයේ ඉහල නායකයන් දැඩි ලෙස කැලඹීමට ලක්ව ඇතැයි පැවසේ.

එළඹෙන ඉරිදා දහවල් 1 1. 00ට ඉන්දීය  අගමැතිවරයා මෙරටට පැමිණිෙන අතර පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව  ජනාධිපතිවරයා සමග දිවා භෝජන සංග්‍රහයට සහ සහභාගී වී පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විනාශ වූ කොච්චිකඩේ දේවල් දේවස්ථානය නැරඹීමට යාමට නියමිතව ඇත.

පසුගියදා පැවති කැබිනට් රැස්වීමේ දී ජනාධිපතිවරයා විසින් ඉගි කොට තිබුණේ මීළඟ එජාප නායකයා තරුණ නායකයෙකු වුවහොත් තම සහාය ද ලබා දෙන බවය.

මේ අතර  අනුරාධපුරයේදී අස්ගිරි මහනායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ස්වර්ණ ජයන්ති විහාරයේ චෛත්‍ය විවෘත කිරීමේ උත්සවයේ දී ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධව ස්ථීර වචනයක් ප්‍රකාශයට පත්කිරීමට සජිත් ප්‍රේමදාස සුදානම් වන බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More