ව්‍යාපාරික පුවත්

කොළඹ වරායේ නැඟෙනහිර බහාලුම් පර්යන්තය කිසිදු ලෙසකට විදේශ රටකට පැවරීමට රජය තීරණයක් ගෙන නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක,අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් යොමු කළ පිළිතුරු ලිපියක් සභාව හමුවේ කියවමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

ස්ථාවර නියෝග 27(2) යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස අමාත්‍ය සාගල රත්නායක මහතා මෙම පිළිතුරු ලිපිය යොමු කර තිබිණි.

කොළඹ වරායේ නැඟෙනහිර බහාලුම් පර්යන්තය කිසිදු ලෙසකට විදේශ රටකට පැවරීමට රජය තීරණයක් ගෙන නැත.එසේ ම කිසිදු අයුරකින් නැඟනහිර පර්යන්තය ඉන්දියාවට හෝ ජපානයට හෝ කිසිදු විදේශ සමාගමකට පැවරීමට තීරණයක් ගෙන නැත.

ජාතික වරාය සංවර්ධන සැළැස්ම යටතේ වරාය අධිකාරියේ ප්‍රතිපාදන යටතේ ප්‍රමාණවත් වන්නේ නැඟෙනහිර පර්යන්තයේ පළමු අදියරේ වැඩකටයුතු අවසන් කිරීමට පමනයි.නැඟෙනහිර පර්යන්තයේ පලමු කොටස සංවර්ධනය කිරීමෙන් පමනක් කොළඹ වරායේ ධාරිතාවය ප්‍රමානවත් වන්නේ නැත. ඒ අනුව පලමු හා දෙවන අදියර එකවර සංවර්ධනය කිරීම සඳහා ණය මුදලක් ලබාගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කරනු ලැබුවා.

ඒ අනුව සහනදායි ණය මුදලක් ලබාදීමට ජපන් රජය කැමැත්ත පළ කර තිබෙනව. හවුල්කාරී සමාගමක් පිහිටුවීමේ අරමුන වඩාත් තරඟකාරී ලෙස වරායේ කටයුතු මෙහෙයවීමයි. නැඟෙනහිර පර්යන්තයේ අයිතිය පැවරීමක් සිදුවන්නේ නෑ.

එහි අයිතිය සියයට සියයයක් ම වරාය අධිකාරිය සතුයි.කිසිදු රටකට හෝ සමාගමකට වරායේ හිමිකම් පැවරීමක් සිදුවන්නේ නෑ.යුදමය අයුරින් අනාරක්ෂිත වීම කිසිදු අයුරකින් සිදුවන්නෙත් නෑ. මෙහෙයුම් සිදු කරන සමාගමේ බහුතර අයිතිය අපටයි.ඒ නිසා හිමිකාරිත්වය පිළිබඳ කිසිදු ගැටළුවක් ඇති වන්නේ නෑ යැයි ද ලිපිය සඳහන් කරමින් අමාත්‍යවරයා පැවසීය.

News.lk



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More