මුහුණු පොතෙන්

අපේ මුතුන් මිත්තෝ විසින් ලෝකයට එකතු කල හා හදුන්වා දුන් විශ්ව කර්මයන් බොහෝය. පොළව මතුපිට කල සුරු විරුකම් මෙන්ම අහසේද සාගරයේ ද කල ජයග්‍රහණයන් ලොව මවිත කරවන සුලු ඒවා පමණක්ම නොවේ. පෘතුගීසින් ,ලන්දේසින් හා ඉංග්‍රීසීන් මුහුද ජයගන්න වසර 1500 කට පෙරාතුව මහා පැරකුම් රජ දවස සාගරයෙන් එපිට රටවල් පවා ජයගත්තු ජාතියකි අපි. ඉන්දියන් සාගරයේ නාවික බලය මුලුමනින්ම පාහේ අප සතුව පැවතුණි.

එවකට බටහිරයන් කඩදාසි ඔරුවක් වත් හැදුවායැයි අපි සිතන්නේ නැත. රාවණා රජ්ජුරුවෝ අහසින් ගිය දඩු මොණර රාජයා හෙවත් අහස් යාත්‍රා ගැන අපේ මුතුන් කිව්වේ අවුරුදු දස දහස් ගණනකට කලිනි. එවකට බටහිරයන් අහසේ තියා පොළවේ හරි හමන් විධියට ඇවිදින්න වත් බැරිව ඉන්න ඇතැයි අපට විශ්වාස කළ හැක.

ඒ කාලයේ ලෝකයේ දියුණුම හා ස්වයංපෝෂිත දේශයක් වූ අප අද පත්ව ඇති තත්ත්වය දැක්කාම විලි ලැජ්ජාවක් ඇත්නම් බෙල්ලේ ගලක් බැදගෙන මුහුදට පනින්න හිතනවාය.අද අපි ඉදිකට්ටක්වත් හදාගන්න බැරි ජාතියකි. කන්න ගේනතුරු මුහුදට දත නියවන් ඉන්න ජාතියකි. පිටරටින් බෙහෙත් නැත්නම් ලෙඩවලින් මැරි යන ජාතියකි . පිටරටින් රෙදි ගේන එක නතර උනොතින් අමු හෙලුවැල්ලෙන් ඉන්න වෙන ජාතියකි.අනේ අපොයි කියනවා හැරෙන්න අන් යමක් නොමැත.

එදා අපේ රට පාලනය කලේ එක රජෙකි . අද හැට හුටාමාරක් පාලකයෝ වෙති.. රාජ්‍ය සේවකයෝ ලක්ෂ පහලොවකි. විද්වතුන් බුද්ධිමතුන් උගතුන් පඩියන් පදුරකට ගහපුවාම 30ක් 40ක් විසිවෙති. එදා මුලු රටටම බරක් නොවෙන පාලකයො හා සේවකයෝ හිටිය අතර අද මුලු රටටම බර පාලකයෝ හා සේවකයොය.

හැම ක්ෂේත්‍රයන්හිම පාඩු ලබන ලාභ නොලබන ණය බර රටට ඉතුරු කරන ආයතනයන්‍ ය. අප කෘෂිකර්මාන්ත රටකි. රටේ කෘෂිකර්මාන්ත ඇමතිවරු පමණක් 15 ක් 20 සිටිති. (පළාත් ඇමතිවරු ද ඇතුලත්ව )
එදා මුලු රටම බත බුලතින් ස්වයංපෝෂිත කල ගමේ ගොවියාට උපදෙස් දීමට බක පණ්ඩිත ඔස්තාද් ලා හිටියේ නැත. වෙල් විදානේ කෙනෙක් සිටියේද වැවේ වෙලේ ගොවිතැන සහසුද්දෙන් එක්කාසු කරන්නටය. එදා ගම විතරක් නෙවේ මුලු රටම සශ්‍රිකත්වයෙන් අටුකොටු පිරිලාය.. ඒකටත් එක්ක අද හැම ගමකම කෘෂි පර්‍යේෂණ නිලධාරීන්‍ ය. හැබැයි ඔවුන් කරන්නේ පිටරට කොම්පැනිවලින් ගෙනත් දෙන තෙල් පොහොර හා බීජ ටිකට මාකටින් කිරීමය.

අද අපේ කියා එක බීජ ඇටයක් නැත. මැලේසියන් බීජ නැත්නම් එක කන්නයක් අපි හතරගාතෙන් ඇද වැටිලාය. හැබැයි අවුරුද්දකට කෘෂිකර්මාන්ත රාජ්‍ය නිලධාරින් නඩත්තූ කරන්න කෝටි ප්‍රකෝටි ගානක ජාතික ධනය වැය කරති. එදා දෙපාර්තමේන්තුවක් හෝ පර්‍යේෂණ ආයතන කිසිවක් නැතුව අපි ස්වයංපෝෂිත උනෙමු. අද ඒ වෙනුවෙන් හදපු හැම ආයතනයක්ම හදලත් අපි වලපල්ලේය. කොතනද අපට වැරදුනේ.. කව්ද අපට වැරද්දුවේ.. අපි අතීතයට එබී බැලිය යුත්තේ ඒ ඓතිහාසික වැරැදුනු තැන නිවැරදිව වටහා ගෙන රට හදන්නටය.. එහි වගකීම අප සැමට ඇත්තේය.


ඉතින් රට හදන්නට අතීතයට එබී බලමු නේද.. ඒ අපි ලොව බලවත් හා සියල් සපිරි රටක් ලෙස අතීතයේ සිටි නිසාවෙනි. ඒ ඉස්සර පුලුවන් උනා නම් ඇයි දැන් බැරි අපට.
හිතන්න අපි වෙනස් කරගත යුත්තේ ” අපට බෑ කියන එක ” ය. එදාට අපිට සියල්ල කල හැකිය..
– රජරට අනුරාධ තෙන්නකෝන් —



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More