දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය එක්‌ව ගොඩනඟන පුළුල් සන්ධානයේ මූලික ව්‍යුහය පිළිබඳව දෙපාර්ශ්වය අතර ඊයේ (7 දා) පැවැති සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

එකඟතාවක්‌ ඇති කරගත් කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශ්වය නියෝජනය කරන සෙසු පක්‌ෂ සමඟ සාකච්ඡා කර එම එකඟතාවන් ලබන 17 වැනිදා පැවැත්වෙන සාකච්ඡා වටයට ඉදිරිපත් කෙරෙන බව ද සාකච්ඡාවට සහභාගී වූ දෙපාර්ශවයේ නියෝජිතයෝ පැවැසූහ.

පක්‌ෂ දෙක අතර මේ වන විට සාකච්ඡා වට පහක්‌ පැවැති අතර ලබන 17 දා පස්‌වරුවේ හයවන වටයේ සාකච්ඡා පැවැත්වෙනු ඇත.

විපක්‌ෂ නායක කාර්යාලයේදී මෙම සාකච්ඡා පැවැත්වෙන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් මෙම සාකච්ඡා සඳහා එහි සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්‌, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම, ආචාර්ය ජගත් මැල්ලවත්ත යන මහත්වරුද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය වෙනුවෙන් පක්‌ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්‌ෂ්මන් පියදාස යන මහත්වරුද එක්‌වූහ.

ගොඩනැගෙන සන්ධානය මැතිවරණය පමණක්‌ ඉලක්‌ක කරගත් සන්ධානයක්‌ නොව කල්පවත්නා ස්‌ථාවර සන්ධානයක්‌ බැවින් සාකච්ඡා වට කිහිපයක්‌ පැවැත්වීමට සිදුවෙන බව ද එම පක්‌ෂ නියෝජිතයෝ පැවැසූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More