දේශීය පුවත්

සාමාන්‍ය දරු ප්‍රසූතියක්‌ සඳහා සූදානමින් සිටි මවක්‌ වෛද්‍ය ෂාෆි  ෂෙහාබ්ඩීන් මහතා විසින් මධ්‍යම රාත්‍රියේ තනිවම කුරුණෑගල ශික්‌ෂණ රෝහලේ ශල්‍යාගාරය වෙත බලහත්කාරයෙන් රැගෙන ගොස්‌ එම මව සිසේරියන් සැත්කමකට භාජනය කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලට සහ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත පැමිණිල්ලක්‌ ලැබී ඇත.

සාමාන්‍ය දරු ප්‍රසූතියක්‌ සඳහා සූදානමින් සිටි මවක්‌ වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඩීන් මහතා විසින් මධ්‍යම රාත්‍රියේ තනිවම කුරුණෑගල ශික්‌ෂණ රෝහලේ ශල්‍යාගාරය වෙත බලහත්කාරයෙන් රැගෙන ගොස්‌ එම මව සිසේරියන් සැත්කමකට භාජනය කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලට සහ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත පැමිණිල්ලක්‌ ලැබී ඇත.

මෙම සිද්ධියට මුහුණපා ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි දෙදරු මවකි. මෙම මව අදාළ සිදුවීමට මුහුණපා ඇත්තේ තම දෙවැනි දරුවා බිහි කිරීම සඳහා කුරුණෑගල ශික්‌ෂණ රෝහල වෙත ඉකුත් 2010 වර්ෂයේ ජුලි මස 19 වැනිදා ඇතුළත් කර සිටියදීය.

මෙම දෙදරු මවගේ පළමු දරුවා සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පසු උපත ලබා තිබිණි. ඇය සිය දෙවැනි දරුවා ද සාමාන්‍ය දරු උපතක්‌ මගින් බිහි කිරීම සඳහා කුරුණෑගල ශික්‌ෂණ රෝහල වෙත ඇතුළු වී සිට ඇත.

2010 වර්ෂයේ ජූලි 19 වැනිදා සවස ඇය සාමාන්‍ය දරු ප්‍රසූතියක්‌ සඳහා සූදානමින් සුතිකාගාරය වෙත රැගෙන ගොස්‌ තිබිණි. එදින රාත්‍රි 11.00 ට පමණ වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඩීන් මහතා සූතිකාගාරය වෙත පැමිණ මෙම මව ට්‍රොලියක නංවාගෙන තනිවම ශල්‍යාගාරය වෙත රැගෙන ගොස්‌ ඇත.

පසුව මෙම වෛද්‍යවරයා ශල්‍යාගාරය තුළදී තනිවම මෙම මව සිසේරියන් සැත්කමට භාජනය කර ඇති බව එම දෙදරු මව කුරුණෑගල රෝහල වෙත ලබාදී ඇති පැමිණිල්ලේ සඳහන් වෙයි.

තමන් සූතිකාගාරයේ සිට ශල්‍යාගාරය වෙත රැගෙන යද්දි සිංහල දොස්‌තරලාට මේවා කරන්න තේරෙන්නේ නැහැ යනුවෙන් වෛද්‍ය ෂාෆි පැවසූ බව ද එම මව විසින් කරන ලද පැමිණිල්ලේ සඳහන්ව ඇත.

මෙම සිසේරියන් සැත්කමින් පසු තමන් තුන්වැනි දරුවා බිහි කර ගැනීම සඳහා වසර ගණනක්‌ තිස්‌සේ උත්සාහ කළ ද දරුවකු බිහි නොවූ බව ඇය ලබාදුන් පැමිණිල්ලේ සඳහන් වී ඇත.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලේ බලධාරීන් විසින් වෙනම විමර්ශනයක්‌ ආරම්භ කර තිබේ.

සිසේරියන් සැත්කමට භාජන කළ මවගේ සහ දරුවාගේ උපත්a විස්‌තර වාර්තාවේ වෛද්‍ය ෂෆි ෂෙහාබ්දීන් මහතාගේ නම සඳහන්ව ඇති බව ද රෝහල් ආරංචි මාර්ග පැවසීය.

කුරුණෑගල රෝහල විසින් මේ සම්බන්ධයෙන් සිදු කර ඇති විමර්ශනවලින් හෙළි වී ඇත්තේ වෛද්‍ය ෂාෆි මහතා මෙම මව ප්‍රසූතිකාගාරයේ සිට ශල්‍යාගාරය වෙත රැගෙන ගොස්‌ ඇය සිසේරියන් සැත්කමට භාජනය කර ඇත්තේ ඇගේ කිසිම අනුදැනුමකින් තොරව බවයි.

Divaina



One thought on “සාමාන්‍ය දරු ප්‍රසූතියට සූදානම්ව සිටි මවක් ෂාෆි මහ රෑ බලෙන් තනිවම සීසර් කරලා; මවගෙන් රෝහලට සහ සී.අයි.ඩී.යට පැමිණිලි”

  1. ඉතින් මේ සිද්දියම මදිද සාෆි ව unprofessional conduct සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්න? දැන් මේ වගේ සාමාන්‍ය දරු ප්‍රසූතියක්‌ සඳහා ඉතාම ආසන්නව සිටි මවුවරුන් සිසේරියන් කල අවස්ථා කීපයක්ම වාර්තා වෙලා තියනවා.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More