දේශීය පුවත්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව පාර්ශ්ව රැසක් අදත් පොලිස් මූලස්ථානය වෙත පැමිණිලි ඉදිරිපත් කළේය.

රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී.දිසානායක හා ඩිලාන් පෙරේරා යන මහත්වරුන් අද පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කිරීමට පැමිණියා.

කෙසේ වෙතත් ඔවුන් ප්‍රථමයේ පැමණියේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවටයි.

පසුව රිෂාඩ් බදියුදීන්, සාලි හා හිස්බුල්ලා යන මහත්වරුන්ට එරෙහි පැමිණිලි භාරගැනීමේ පොලිස් මූලස්ථාන කමිටුව වෙත පැමිණි මන්ත්‍රීවරුන් සිය පැමිණිල්ල ඉදිරිපත් කළේය.

චෝදනා 22 කින් සැදුම්ලත් එම පැමිණිල්ලේ මිනි මැරුම් චෝදනා දෙකක්ද ඇතුළත්ය.

මේ අතර රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව  රාවණා බලය සංවිධානයේ භික්ෂූන් වහන්සේ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

බදියුදීන්, සාලි සහ හිස්බුල්ලා යන තිදෙනාට එරෙහිව සත්‍ය ගවේෂකයෝ සංවිධානය අද පැමිණිලි 03ක් ඉදිරිපත් කළ අතර තවත් පැමිණිල්ලක් ඔවුන් ඉදිරිපත් කළේ පසුගියදා අමාත්‍ය ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් පොදු දේපළ අවභාවිත කරන බවට චෝදනා කරමින්ය.

මේ අතර අන්තවාදී ක්‍රියාකාරකම්වලට සහාය දැක්වූ දේශපාලනඥයින් ඇතුළු පිරිස් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳව ජනතාවට කරුණු දැනගැනීමට ඉඩ සලසන මෙන් බෞද්ධ තොරතුරු කේන්ද්‍රය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාගෙන් සහ වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More