දේශීය පුවත්

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට  ඉදිරිපත් විය යුත්තේ ජාතියේ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා ලෙස බවට මීට පෙර ගුණදාස අමරසේකරයන්  ප්‍රකාශ කොට තිබුණි.

නමුත් මීළඟ  ජනාධිපති අපේක්ෂකයා පොදු ජන පෙරමුණ විසින් ඉදිරිපත් කරන බවට පසුගියදා ප්‍රකාශයට පත්වීම නිසා ලංකා ලීඩ් නිව්ස්  ඒ පිළිබඳව අමරසේකරයන්ගේ මතය විමසන ලදි. මේ එතුමා ගේ මතය එතුමා ගේ වචන වලින්,

” ඉදිරිය  ජනාධිපතිවරණය විපක්ෂයට දිනන්න පුළුවන් වෙන්නේ ගෝඨාභය  රාජපක්ෂ මහත්තයා ඉදිරිපත් කළොත් විතරයි. එතුමා ඉදිරිපත් කරන්න ඕන ජාතිය ගලවා ගන්නා පොදු අපේ අපේක්ෂකයා හැටියට. පොදුජන පෙරමුණේ අපේක්ෂකයා කළොත් එතුමා පුංචි වෙනවා. එතුමා එන්න ඕන ජාතික මහා පොදු සන්ධානයකින්. ලකුණ පොහොට්ටුව උනාට කමක් නෑ. හෙට ගෝඨා නම් කළොත් මිනිස්සු පාරට බැහැලා රතිඤ්ඤා පත්තු කරල  කිරිබත් කනවා. එහෙම වුණාම ඔහු ඡන්දයට යන්නෙ ජයග්‍රාහී  අපේක්ෂකයා හැටියට. සිංහල බෞද්ධයා වගේම කිතුනුවන් අසරණව බලා ඉන්නේ ගෝඨාගේ නම කියන කල්. ඒක තේරෙන්නේ නැති ඔලමොට්ටලයො මේ රට අමාරුවේ දානවා. මෝඩිගේ ඇප් එක ද, පැකේජ් එක ද මොන මල ඉලව්ව හරි ගත්තට වැඩක් නෑ. මෝඩි කළේ මොකක්ද කියලා තේරුම් ගන්න මොළේ නැත්නම්”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More