විදේශ පුවත්

තෙදින නිල සංචාරයක් සඳහා චීන ජනපති ෂී ජින්පින්ග් මහතා රුසියාවට ගොස් සිටියි.

චීන ජනපතිවරයා හා රුසියානු ජනපති ජනපති පුටින් මහතා අතර සාකච්ඡා මොස්කව් නුවරදී ආරම්භ වී ඇත.

දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීමත් වෙළඳ හා ආරක්ෂක ගනුදෙනු සම්බන්ධව සාකච්ඡා කිරීමත් නායකයින්ගේ අරමුණ බව රුසියානු මාධ්‍ය සඳහන් කර ඇත.

චීනය හා ඇමෙරිකාව වෙළඳ සංග්‍රාමයකට සූදානමින් සිටින අතරතුර මෙම සංචාරය සැලසුම් වී ඇතැයි විදෙස් විචාරකයෝ සඳහන් කරති.

“පසුගිය අවුරු හය තුළ අප තිස් වරකට වඩා හමුවුණා. මා වැඩිපුරම සංචාරය කර ඇති රට රුසියාවයි. ජනපති පුටින් මගේ හොඳම මිතුරා සහ සහායකයා” යැයි මාධ්‍ය සාකච්ඡාවකදී චීන ජනපති පවසා ඇත.

සංචාරයේ සිහිවටනයක් ලෙස චීන පැන්ඩා වලසුන් දෙදෙනකු මොස්කව් සත්වෝද්‍යානය වෙත බාරදීම ද චීන ජනපති විසින් සිදු කෙරිණ.

(බිබිසී ඇසුරිණි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More