අම්පාර, සයින්දමර්දුහිදී බෝම්බ පුපුරුවාගෙන මියගිය මොහොමඩ් සහරාන්ගේ සහෝදරයින්ගේ සිරුරු අද යළි ගොඩ ගැනීමට නියමිත ය.
පොලීසිය සඳහන් කළේ, එම සිරුරු අම්පාර පොදු සුසාන භූමියේ පසුගියදා වළ දැමූ බව ය.
අප්‍රේල් 26 වෙනි දින බෝම්බ පුපුරුවාගෙන මියගොස් සිටි මෙම පිරිසගේ සිරුරුවල කොටස් මීට පෙර රස පරීක්ෂක කාර්යාලය වෙත යවා තිබුණි.
ඉන් සාම්පල් හතරක් නරක් වී තිබීම නිසා සිරුරු ගොඩගෙන ශරීර කොටස් නැවත රස පරීක්ෂක වෙත යැවීමට කටයුතු කරන බව ද පොලිසිය ප්‍රකාශ කළේය.
ඔවුන්ගේ මළ සිරුරු ගොඩ ගැනීම සඳහා කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ගෙන ඇති අතර, අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ අද එය සිදු කිරීමට නියමිත ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...