දේශීය පුවත්

රතන හිමියන් එජාපයට අවශ්‍ය දේ කර තිබෙන බව මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු  මන්ති‍්‍ර මහින්ද යාපා අබේවර්ධන  මහතා පැවසිය.

අද (6)  මාතරදි පැවති උත්සවයකදි ඔහු  මේ  බව පැවසිය.

එහිදි  වැඩිදුරටත් අදහස් පළකල ඒ මහතා,

“රතන හිමියන් සහ ඥානසාර හිමියන් අපේ රටේ  දේශපාලනය කි‍්‍රයාවලිය සම්පූර්ණයෙන් වෙනස් කළා. එය හොඳ  අතටද නරක අතටද වෙනස් වුණේ  කියලා ජනතාව තිරණය කරාවි. නමුත් අපේ රට පිළිබඳව අවිනිශ්චිතභාවයක් සැකයක් හැමෝම තුළ  වර්ධනය වෙලා තියෙනවා. අපේ රටේ ජනතාවට ඉතා විශාල වගකිමක් ඇවිත් තියෙනවා  රටේ  අනාගතය සම්බන්ධව ඉතා ප්‍රවේසමෙන්  තිරණයක් ගන්න අනාගතයේ එළැඹෙන්නේ. දැන් අමාත්‍යවරුන්ට පන්සල් වලට එන්න එපා කියලා නියෝග නිකුත් කරලා තියෙනවා. පන්සල් වලට එන්න එපා කියන එක අප කාටවත් උදුරගන්න පුළුවන් අයිතියක් නෙමෙයි . දේශපාලනඥයන් තමන් කරන ප‍්‍රකාශ සම්බන්ධව වගකිම භාර ගන්න ඕන .”

 



One thought on “රතන හාමුදුරුවෝ මේ කරලා තියෙන්නේ එජාපයට ඕන දේයි – මහින්ද යාපා”

  1. මහනායක හාමුදුරුවෝ අනික් අණ පනත් ගේන එක පැත්තක තියලා ඉස්සෙල්ලම නීතියක් ගේන්න ඕන හාමුදුරුවරුන්ට පාර්ලිමේන්තු දේශපාලනය කරන්න තහනම් කියලා. ඉස්සර කාලේ ඉදන් හාමුදුරුවෝ කලේ රට කරන රජුන්ට/ඇමතියන්ට අනුසාසනා කිරීම පමණයි.
    ඥානසාර හිමියන්ගේ “සම්මා දීට්ටි බෝම්බය” වැනි කතා හාමුදුරු කෙනෙක්ට කියන්න පුළුවන් වචනද? ඇමති මංගලගේ වැඩකට නැති කතා හොදට ඇහුන හාමුදුරුවරුන්ට මේ කතාව ඇහුනේ නැද්ද?

    පේනවනේ දැනටමත් සිවුරු ධාරීන් කියල කොච්චර නිගරු කරනවද කියල. මේ තත්වය ගැන මහනායක හාමුදුරුවෝ වගකියන්න ඕන කියල රටේ බහුතර සිංහල බවුද්ද ජනයා කියන බව ඒ හාමුදුරුවරු දන්නේ නැද්ද?

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More