දේශීය පුවත්

ශ‍්‍රී ලංකා මහබැංකුවේ බැදුම්කර නිකුතුව ගැන සොයා බැලූ ජනාධිපති කොමිසම 6 වනදා පාර්ලිමේන්තුවේ විවාද කරන විට වැඩිම වේලාවක් තමන්ට ලබා දෙන ලෙස ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 54 දෙනා කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලීමට තීරණය කරති.

ඒකාබද්ධ විපක්‍ෂයේ කොළඹ දිස්ත‍්‍රික්පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ අත්සනින් යුතුව මෙම ඉල්ලීම කඩිනම්ව කථානායකතුමාවෙත බාරදෙන බවයි.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මහ දවල් සිදුවූ මහ මුදල් මංකොල්ලය මුල් වරට රටට හෙලිකළේ ඒකාබද්ධ විපක්‍ෂය විසින් බවත් ඒ අනුව මෙම පාර්ලිමේන්තු විවාදයේදී වැඩි කාලයක් ඒකාබද්ධ විපක්‍ෂයට ලබා දීම සාධාරණ මෙන්ම යුක්තිසහගත බවද බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.

මෙම කොල්ලය සිදු වූ විගස ඒ ගැන රටට හෙළි කිරීම, ශ‍්‍රී ලංකා මහබැංකුව වැටලීම, ශ‍්‍රී ලංකා මහ බැංකුවට ගොස් සෘජුවම කරුණු විමසීම, පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් කරුණු විමසීම, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්කිරීම, පලාර්ලිමේන්තු ඉතිහාසයේ මුල් වරට එළිවනතුරු මන්ත‍්‍රීවරුන් විරෝධය ප‍්‍රකාශ කිරීම නිසා මෙම මංකොල්ලය ගැන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ අවධානයට ලක් කිරීම, මෙම සිද්ධිය ගැන අවධානයට ලක් කිරීම, මෙම සිද්ධිය ගැන ලෝක මහබැංකුවට සහ මූල්‍ය අරමුදලට දැනුම්දීම ඇතුළු මේ කොල්ලයට එරෙහිව වැදගත්පියවර රැසක් ඒකාබද්ධ විපක්‍ෂය විසින් ගත් බවද බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා පෙන්වාදෙයි.

එම නිසා විවාදයේදී වැඩිම වේලාවක් ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වරුන්ට අවශ්‍ය බවත් මෙම මහා කොල්ලය සම්බන්ධයෙන් හෙළි නොවූ තවත් පියවර රැසක් ඒකාබද්ධ විපක්‍ෂය විසින් ගත්බවද බන්දුලගුණවර්ධන මන්ත‍්‍රීවරයා පෙන්වා දෙයි.

එම නිසා මෙම විවාදයේදී වැඩිම වේලාවක් ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට අවශ්‍ය බවත්, මේ මහා කොල්ලය සම්බන්ධවෙන් හෙළිනොවූ තවත් කරුණු රැසක් මෙම විවාදයේදී රටට හෙළි කරන බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More