දේශීය පුවත්

රිෂාඞ් බදුර්දීන් නමැත්තා පසුගිය කාලයේ විලච්චිකුලම් රක්ෂිතයේ අක්කර දහස් ගණනක් එළිපෙහෙළි කර පිහිටුවා ඇති මුස්ලිම් ගම්මානවල වහබ්වාදී ත‍්‍රස්තවාදීන්ට රැකවරණය ලබා දුන් ආරක්ෂක නිවස්න පිහිටා තිබූ බව දැන් අනාවරණය වී ඇති බවත් ඔහු වහාම අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවීමට එම කාරණය වුව හොඳටම ප‍්‍රමාණවත් බවත් ජානිපෙ තරුණ කටයුතු පිළිබඳ ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදයශාන්ත ගුණසේකර මහතා පෙන්වා දෙයි.

අද (06) පිටකෝට්ටේ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

රිෂාඞ් බදුර්දීන්, අසාත් සාලි, ඒ.එම්.එල්.එම් හිස්බුල්ලා හා මුජිබර් රහුමාන් යන මුස්ලිම් දේශපාලනඥයන්ට පාස්කු ඉරිදා දින ප‍්‍රහාරයෙන් පසු දැඩි ජනතා විරෝධයක් එල්ල වූයේ ඔවුන් වහබ්වාදී ත‍්‍රස්තවාදය පතුරවා හැරි එමෙන්ම එමගින් බිහිවූ ත‍්‍රස්තවාදීන් ආරක්ෂා කළ ‘කපටි නරීන්’ පිරිසක් නිසා බව යැයි පෙන්වා දුන් උදයශාන්ත ගුණසේකර මන්ත‍්‍රීවරයා, එවැනි චෝදනා එල්ල නොවූ මුස්ලිම් ඇමැතිවරුන් එ්කාබද්ධ ප‍්‍රකාශයක් කරමින් තම ධුරවලින් ඉල්ලා අස් වූයේ කුමක් නිසා දැයි ප‍්‍රශ්න කර සිටියේය. එවැනි එ්කාබද්ධ ප‍්‍රකාශ නිකුත් කරමින් වගකීමෙන් යුතුව කටයුතු කිරීමට මුස්ලිම් ඇමතිවරුන්ට අවස්ථා රැුසක් තිබූ බවත් ඔවුන් එම අවස්ථාවලදී කිසිවක් නොකර සිත් සේ තම වරප‍්‍රසාද භුක්ති විදිමින් කාලය ගත කළ බවත් එ් මහතා චෝදනා කළේය. මාවනැල්ලේ බුදු පිළිම කැඞීමේ සිදු වීම, එ් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදුන් කබීර් හෂීම් ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් වරයාට වහබ්වාදී ත‍්‍රස්තවාදීන් විසින් වෙඩි තැබීම, වනාතවිල්ලූවේ අධිබලැති පුපුරන ද්‍රව්‍ය සම`ග වහාබ් ත‍්‍රස්ත කඳවුරක් සොයා ගැනීම, අපේ‍්‍රල් 21 වැනිදා වහබ්වාදී ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් 400කට වැඩි පිරිසක් මිය යාම වැනි අවස්ථාවලදී මේ මුස්ලිම් දේශපාලනඥයන් ඉල්ලා අස්වීමට තබා අඩුම තරමින් එ්කාබද්ධ නිවේදනයක් නිකුත් කළේ නැති බව ද උදයශාන්ත ගුණසේකර මහතා මෙහිදී සිහිපත් කළේය.

එහෙත් රිෂාඞ් බදුර්දීන් නැමති වහබ්වාදී ත‍්‍රස්තවාදයට කිරි පෙවූ අන්තවාදියා රැුකගැනීමට මේ මුස්ලිම් ඇමැතිවරුන් ඔහු සම`ග සිටගනිමින් ඉල්ලා අස්වීම සිංහල, දෙමළ ජනතාව පමණක් නොව මධ්‍යස්ථ මුස්ලිම් ජනතාව ද අනතුරේ හෙළීමක් බව එ් මහතා සඳහන් කළේය. සහරාන්ලා සහ රිෂාඞ් බදුර්දීන්ලා සමඟ සිටගැනීමෙන් මෙරට සමස්ත මුස්ලිම් ප‍්‍රජාවම වහබ්වාදී ත‍්‍රස්තවාදයට යටත් කරවීමට රවුෆ් හකීම්, කබීර් හෂීම් ඇතුළු මුස්ලිම් දේශපාලකයන් 19 දෙනෙකු කටයුතු කිරීම ජාතියේ අවාසනාවක් බව ද උදයශාන්ත ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

වහබ්වාදී අන්තවාදය ඉතා දරුණු ලෙස ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් පසුගිය කාලය පුරාම මෙම අන්තවාදීන් රට පුරා යමින් සිය අනුගාමිකයන්ට ‘අල්ලා දෙවියන් අන්‍යාගමිකයන් සතු මහා පරිමාණ සම්පත් හා භූමිය අත්පත් කරගැනීමට උනන්දු කර ඇත්තේය’ සහ ‘තවදුරටත් අන්‍යාගමිකයන් පය නොගැසූ භූමිය අත්පත් කර ගැනීමට නියෝග කර ඇත්තේ ය.’ යන මේ රටම ලේ විලක් කළ හැකි අන්තවාදී ඉගැන්වීම් සිදු කර ඇති බවත් එ් මහතා මෙහිදී අනාවරණය කළේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More