දේශීය පුවත්

එළඹෙන ජනාධිපතිවරණය සඳහා එජාප විරෝධී ප්‍රගතිශීලි දේශප්‍රේමී පුළුල් සන්ධානයකින් නැවත ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් භාර දී තිබේ .

මෙම ලිපිය අද(06) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා අප කළ විමසීමකදී සදහන් කළේය.

ශ්‍රී ලංකාවේ ප්‍රගතිශීලී දේශපාලනයක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැපවී සිටින බැවින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා තම පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බව මෙම ලිපිය මගින් අවධාරණය කර ඇති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර, මහින්ද සමරසිංහ, සරත් අමුණුගම, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාෆා, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, වීරකුමාර දිසානායක, දුෂ්මන්ත මිත්‍රපාල, ශ්‍රීයානි විජේවික්‍රම, මොහාන් ලාල් ග්‍රේරු, ශාන්ත බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම එම සංදේශය ජනාධිපතිතුමා වෙත භාරදී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More