දේශීය පුවත්

ගස් කැපීම සඳහා පිටරටින් මැෂින් ගෙන ඒම සම්පුර්ණයෙන් තහනම් කරන බවත් ලීමෝල් හා වඩු මඩු ද තහනමට ලක්කරන්නට අවශ්‍ය පියවර ගන්නා බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ පවසයි.

ලී මෝල් හිමියන්ට වෙනත් වෘත්තීන් සොයාගැනීමට වසර පහක පමණ කාලයක් ලබා දෙන බව ද සිරිසේන මහතා කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ අද (6) පැවති ලෝක පරිසර දින ජාතික උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා..,

“ගිය සතියේ පරිසර අධිකාරියේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මම කිවුවා වහාම කැබිනට් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ගේන්න ලංකාවට පිටරටින් ගේන ගස් කපන මැෂින් ගෙන ඒම තහනම් කරන්න.

ලෝකයේ පරිසර සංරක්ෂණය පිළිබඳව තද නීති රීති තියෙන රටවල්වල ගස් කපන මැෂින් සම්පූර්ණයෙන් තහනම්.

ලංකාවේ ලොකු සල්ලිකාරයෝ ලොකු ලී මෝල් දාලා තියෙනවා.

එසේ නැති අය අතේ ගෙනියන මැෂින් පාවිච්චි කරනවා.

දුප්පත් අය වඩු මඩු ගහනවා.

මම වඩු මඩුවත් තහනම් කරනවා. පිටරටින් ගේන ගස් කපන මැෂිනුත් තහනම් කරනවා.

ලී මෝල්වලටත් අවුරුදු 5ක කාලයක් දෙනවා ව්‍යාපාරිකයින්ට වෙනත් ජොබ් එකක් හොයාගන්න.” යනුවෙන් ප්‍රකාශ කර සිටියේය.



One thought on “ලීමෝල් – වඩු මඩු තහනම්… වෙනත් රස්සාවක් හොයාගන්න අවුරුදු පහක් කල් දෙයි”

  1. ඔව් ඉතින් විල්පත්තුව එහෙම කැපෙනවට මිනිස්සු නෙවෙයි මැෂින් තමයි පලි!
    අවුරුදු 5 වැඩිත් එක්ක රටේ තියන ඔක්කොම වනගහනය කපලා ඉවර කරන්න.

    කලකට ඉහතදී (?අපනයන සංවර්ධන මණ්ඩලයේ) නිලධාරිනියක් රූපවාහිනී වැඩසටහනකට ඇවිත් හරි ආඩම්බරෙන් කිව්වා ලී වලට පිටරටවලින් තියන ඉල්ලුමෙන් (අපට මතක විදියට) 80% කටත් වඩා සපයන්න ඒ වසරේ පුළුවන් වුනා කියලා.

    ඔය ලී ඉරන්න/කපන්න පර්මිට් ගන්න අය කපන ගස් 1 කට 10 වවන්න ඕන කියල හරි, ගස් කපන්න අයිතිය තියෙන්නේ ඒ සදහා වෙනම ගස් වවලා ඒවා මෝරවපු අයටයි කියලා හරි කිසිම ජනාධිපති/අගමැති කෙනෙක් මේ වෙනකම් කියනවා අහලා නෑ.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More